BREAKING NEWS
Search

අපි හැමෝම මිනිස්සු, මිනිස්සුන්ට තමයි වරදින්නේ- හැමෝටම මතක තියාගන්න කියලා කවී කිව්ව කතාව මෙන්න….

129

කවී කියන්නේ රටම හඳුනන ගායන ශිල්පිනියක්..

මේ වෙද්දී ඇයටම කියලා අනන්‍යතාවයක් ගොඩනගා ගන්නට කවීට හැකිවෙලා තියනවා…

ඒත් එක්කම ජනප්‍රිය කලා යුවලකගේ දියණියක් වුණ කවීට ඇගේ හැකියාව ඔපමට්ටම් කරගන්නත් පවුලෙන් ලැබෙන හයිය ඇත්තටම කතා කරන්නම ඕන…

මේ කතා මොනවා වුණත් ඇයගේ ජීවිතයෙත් හැලහැප්පීම් තියනවා කියලා තමයි කවී මේ කිව්ව කතාවෙන් නම් තේරෙන්නේ..

කොහොම වුණත් ජීවිතයේ වැටෙන වැටෙන හැම අඩියක්ම ගානේ තව තවත් ශක්තිමත් වෙලා ඉදිරියට යන චරිතයක් වෙච්ච කවී අනිත් හැමෝටමත් මේ කියන්නේ ඒ වගෙ ශක්තිමත් වෙලා තමගේ ගමන යන විදිහයි…. මේ බලන්නකෝ ඇය කියලා තියන ඒ කතාව….

“පහු ගිය දවස් වල තමන්ට ඕන හැමදේම, තමන්ට ඕන විදිහටම හරි ගියෙ නැති වෙන්න පුලුවන්…
එහෙමයි කියලා ජීවිතයේ කරන/කියන හැමදේම අතාරින්න යන්න එපා…

ජිවිතයේ අපි හැමෝම විවිධ හැල හැප්පීම් වලට මුහුණ දෙනවා. ඒ වගේම, ඉදිරියට තියන හැම අඩියක්ම හරි යන්නේ නැති වෙන්නත් පුලුවන්…

අපි හැමෝම මිනිස්සු. මිනිස්සුන්ට තමයි වරදින්නේ…

නමුත්, ඉදිරියට තියෙන හැම අඩියක් පාසා ම, “මම ඒක කොහොමහරි කරනවා, “මම කරන දේ හරියනවා මයි”… කියලා හිතාගෙන වැඩ කරන තරමට, තමන්ට negative feedback එකකට වැඩිය, positive feedback එකක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ප්‍රතිශතය වැඩී යි කියන කාරණාව නිතර මතකයේ තබා ගෙන ජීවත් වෙන්න…”
-කවී-




Leave a Reply

Your email address will not be published. Required fields are marked *