පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ ප්‍රේම සම්බන්ධතාවයන් බිඳවැටීම හේතුවෙන් කලකිරී මෙම දැරිය සියදිවි හානි කරගෙන ඇති බවයි.
උස්ගල සියඹලන්ගමුව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය සති කිහිපයකට ඉහතදී තරුණයකු සමග නිවසට නොදන්වා පළාගොස් ඇති අතර පොලීසිය විසින් අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන මෙම සිසුවිය පරිවාස භාරයට පත් කර තිබේ.
නැවතත් දැරිය නිවසට පැමිණි පසුවයි මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ.
මීගලෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Source : mawrata
ආණ්ඩුව කළුවර කරපු මිහින්තලයට සජිත් යළි එළිය අරන් දෙයි! මිහින්තලාවට දැන් ආයෙත් ලයිට් තියෙනවා
ලක්ෂ 31ක හිග මුදලක් එකතු වී තිබීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය විසින් විසන්ධි කරනු ලැබූ මිහින්තලා පුද බිමේ විදුලි සබධතාව යළි ලබා දීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේ කටයුතු කොට ඇත.
ඒ, ඊට අදාළ හිග මුදල වූ ලක්ෂ 41ක මුදල පියවීමෙන් අනතුරුවය.
මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කොට ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දින ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සමගි ජන බලවේගය මැදිහත්ව එම මුදල ගෙවා දැමීමට කටයුතු කරන බවකි.
පසුව විපක්ෂනායකවරයාට සමීප ව්‍යාපාරිකයකු විසින් අදාළ මුදල ලබා දීමට ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත.


















