වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් ලංගම බස්රථයක ගමන්ගත් පුද්ගලයින් 15දෙනෙක් තුවාල ලබා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ප්‍රයිමෝර් වර්ගයේ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බවය.
අනතුරින් බස් රථයේ ගමන්ගත් 15ක් තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
බුකිය රත්කළ බස් චණ්ඩියා අත්අඩංගුවට
පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 176 බස් රථ රියදුරෙකි.
සැකකාර රියදුරා ඊයේ මෙලෙස බැන තර්ජනය කර ඇත්තේ වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුටය.
බස් රථය මාර්ග නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් දඩ පත්‍රිකාවක් ලබාදීමට යාමේදී සැකකරු මෙලෙස පොලිස් නිලධාරියට බැන තර්ජනය කරනු ලබයි.
එම සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝ පටයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය හුවමාරු වෙමින් පවතී.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ වැලිකඩ පොලීසිය විසින් සැකකාර බස් රථ රියදුරා මහරගම නීලම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



















