BREAKING NEWS
Search

මට පාරේ දැක්කත් ඒ මනුස්සයගෙ මූණ බලන්න බැරි වෙලා තියෙන්නේ – SUGAR DADDY ගැන ශලනි කිව්ව කතාව

679

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලෝක කුසලාන ඕස්ට්‍රෙලියානු තරග සංචාරයකට රංගන ශිල්පිණී ශලනි තාරකා සහභාගීවීම ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වෙනවා.

එහිදී ක්‍රිකට් සභාපතිව සිටි ජයන්ත ධර්මදාසගේ නමද කියැවුනේ ශලනිට විශේෂ උදව්වක් කළ ළෙංගතුකමද ප්‍රශ්නයට නගමිනි.

ඇයගේ නම අනුග්‍රාහක නම් ලැයිස්තුවේ තිබුණ අතර එයට අදාළ සාක්ෂි පැතිරයාමත් සමග සමාජ මාධ්‍ය පරිශීලකයින් ප්‍රශ්න කළේ ඇයට වියදම් කර එරටට ගෙනයාමට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් හට තිබුණ උවමනාව කුමක්ද යන්නයි.

මාධ්‍යවේදී රංගන ද සිල්වා සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ ගැන පිලිතුරු සපයා තිබුණේ මෙලෙසයි.

“මනුස්සයෙක්ට කැරට් එකක් හම්බුනා මඩ ගහන්න තමන්ගේ තියෙන ඇරියස් කවර් කරගන්න ඕන තරම් මඩ ගහනවා හරිද.. ඒක එතැනදී මගේ නම ආවහම  මම හරි සතුටුයි මම ලංකාවේ කැරට් එකක් ඉන්න මිනිස්සුන්ට

ඒ  ගොල්ලො වෙන ෆන් එකක් ගන්නවා. ඔච්චර තමයි මෙතන වෙන්නේ. එහෙම නැතුව එ මට වඩා වයසින් ගොඩාක් වැඩිමල් සහ මගේ තාත්තටත් වඩා වැඩිමල් මනුස්සයෙක්. මං ඒ මනසට ඉහළින්ම ගරු කරපු මනුස්සයෙක්.

නමුත් දැන් වෙලා තියෙන මට පාරේ දැක්කත් ඒ මනුස්සයගෙ මූණ බලන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් අර අපිට  මං දන්නේ නැහැ ඒ මනුස්සයා ඉදිරියට කලාකරුවන්ටත් උදව් කරයිද කියලා මේ වෙන දේවල් එක්ක. ඔහුත් ඉන්නේ මානසික පීඩනයක එයාගෙ වයසත් එක්ක ඉතිං එයිට එහා ඔහුත් එක්ක මට කතා කරන්න ලැබුනෙ නැහැ.

මොකද මම මේක නීතිමය පැත්තට ගියොත් මම කතා කරන්න මගේ ලෝයර් ලත් එක්ක හින්දා ඒ අයත් එක්ක විතරයි. මේ ලංකාවෙ මිනිස්සු අහන්න කැමති තමන් අහන්න කැමති කතාව විතරයි. මෙතන ඇවිල්ලා ඔයාට කිව්වොත් මම මෙහෙම දෙයක් කරලා නෑ. මෙහෙම දැකලා නෑ කියල මිසක පිළිගන්නෑ ඒ මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා.

ඔයාව ඔය කාඩ් එකක් ගැහුවොත් ඔයා එතනින් එහාට යන්න බෑ ඔයා ඒ කාඩ් එකේ විදිහට ඉන්නොනෙ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *