සිව් හැවිරිදි පිරිමි දරුවෙක් නිවස ආසන්නයේ කපා තිබු ජලය පිරී තිබු අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (26) උදෑසන වාරියපොළ පොලිස් වසමේ මිදියාල, බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ මෙය සිදුව ඇති බවය.
දරුවා නිවස ආසන්නයේ සෙල්ලම් කරමින් සිටිය දී නිවස පසුපස තිබු අඩි 2ක් පමණ උසට බැඳ ඇති අනාරක්ෂිත ජලය පිරි ඇති ළිඳකට වැටී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේ දී හෙළි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
රට තුළ පිළිකා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්
මේ වන විට රට තුළ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහටන පවසයි.
එහි අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ, ශ්‍රී ලංකාවේ දෙවැනියට වැඩියෙන් මරණ සිදුවන්නේ පිළිකා රෝගයෙන් බවය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ඉෂානී ප්‍රනාන්දු මහත්මිය එම අදහස් පළ කළාය.
“ලංකාවේ පිළිකාව තමා දෙවැනියටම වැඩියෙන් මරණ සිදුවන රෝගය. රෙජිස්ටර් ජනරල් දෙපාර්තමේන්තුවට අනුව 2019 වර්ෂයේ 15,599ක් පුද්ගලයින් පිළිකාව නිසා මරණයට පත්වෙලා තියෙනවා.
2020 වර්ෂයේ අලුතින් 37,649ක් හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම කාලයත් එක්ක අපිට පේනවා පිළිකාවේ අති විශාල වර්ධනයක්. පිරිමින් අතර තියෙන ප්‍රධානම පිළිකාව තමා මුඛ පිළිකා.
මගේ දැනුම හැටියට නම් ඇත්තටම දුම්කොළ භාවිතය අඩුකරන්න තියෙන වැඩසටහන් මදි කියලා තමා කියන්න තියෙන්නේ. හුඟාක් දියුණු රටවල්වලට තියෙන්නේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා.
ඒක වයසත් එක්ක හැදෙනවා. ඒකෙන් මැරෙන්නෙත් නෑ. අපේ රටේ මීට වඩා දුම්කොළවලට විරුද්ධව වැඩකටයුතු කළ යුතුයි.”


















