BREAKING NEWS
Search

විභාග අයැදුම්පතට විදුහල්පති අත්සන් නොකළ නිසා සිසුවිය කරගත් දේ

218

මෙම වසරේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍රය ටවැඩබලන විදුහල්පතිවරයා සහ පන්ති පන්තිභාර ගුරුවරිය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා සිත් වේදනාවට පත් වූ බව කියන පන්විල පොලිස් වසමේ පිහිටි පාසලක ඉගෙනුම ලබන 19 හැවිරිදි සිසුවියක්ඖෂධ වර්ගයක් අධිමාත්‍රාව කින් පානය කිරීම නිසා රෝගාතුර ව පේරාදෙණිය ශික්ෂණ රෝහලට අද(26) ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

සිසුවිය නාරම්පනාව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

ඖෂධ අධි මාත්‍රාවක් පානය කරරෝගාතුර වූ සිසුවියක්  පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව එම රෝහල් පොලීසිය  පන්විල  පොලීසියට දැනුම් දී තිබේ.

පන්විල පොලිසියේ නිලධාරියෙක්පේරාදෙණිය ශික්ෂණ රෝහලට  ගොස්එම සිසුවෙකුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

තමන් ඉගෙනුම ලබන පාසැලට අපොස උසස් පෙළ විභාගයෙ අයදුම් පත්‍රයට අත්සන ලබාගැනීමටගිය අවස්ථාවේ එහි වැඩබලන විදුහල්පතිවරයා සහ දහතුන්වෙනි  වසරේ පංතිභාර  ගුරුවරියඑයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ බව සිසුවිය පොලිසියට ප්‍රකාශකර ඇතැයි පොලිසිය පවසයි.

මේ හේතුව නිසා මෙවර පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වන බැවින් ඒ ගැන සිත් වේදනාවට පත් වීදිවි නසා ගැනීම සඳහාමවගේ රෝගී තත්ත්වයකට ගෙනවිත් තිබූ ඖෂධ වර්ගයක් අධිමාත්‍රාව කින්  පානය කළ බවසිසුවිය පවසන්නේ යැයි යැයි පොලිසිය සඳහන් කරයි.

පන්විල පොලීසියසිසුවිය කල ප්‍රකාශ මත මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

රේඛා තරංගනී ෆොන්සේකා

ජාතික රෝහලේ හිඟ විදුලිබිල කෝටි 34 ක්

ජාතික විදුලිබල මණ්ඩලයට ගෙවීම්ට තියෙන හිග මුදල් රුපියල් මිලියන 339 ක් නොගෙවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීම්ට රතු නිවේදන නිකුත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ උසස් නිළධාරියෙක් පැවසීය.

මාස පහක හිඟ මුදල් මෙසේ නොගෙවා සිටීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩාල වීමට දැඩි අවදානමක් මතුව ඇති බවද ඒ මහතා පැවැසීය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් මේ ගැන රෝහලට පැමිණ දැනුම් දී ඇති බවද එය උසස් නිලධාරියා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවිය යුතු හිඟ මුදල් තවදුරටත් නොගෙවා සිටියහොත් රෝහල රෝගීන් දැඩි අසීරුතාවකට පත්වන බවද එම නිලධාරියා පැවැසීය.

මේ වනව විට ජාතික රෝහලේ ශල්‍යාගාර වලද ශල්‍ය කටයුතු සිදු කිරීම රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බව සඳහන් කරන එම නිලධාරියා කිසියම් හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමක් සිදු වුවහොත් රෝගීන් දැඩි අවදානමකට පත් වන බව ද වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධ්‍යක්ෂක කුමාර වික්‍රමසිංහ මහතාගෙන් අප විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ විදුලි බිගේ හිඟයක් තිබෙන මුත් මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට සිදුකළ නොහැකි බවයි

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *