නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් පවත්වාගෙන ගිය නිවසක් තුලදී ස්වාමීන් වහන්සේ නමකට තරැණියකට සහ කාන්තාවකට නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා නවයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයින් අට දෙනා, එක් අයෙකුට රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇපයක් මත .සහ දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (26) දින නියෝග කළාය.
එහිදී සැකකරුවන් ඇමතූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට සම්බන්ධ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් යළි කණ්ඩායම් ලෙස එකතු නොවන ආදී දැඩි ඇප කොන්දේසි නිකුත් කලාය
මෙලෙස ඇප හිමි වූයේ කඩුවෙල ඉහල බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන විතානගේ රසික හේමන්ත , ගුරුසිංහ ආරච්චිගේ අජිත් රංගජීව , මද්දුමගේ විජේසේන , අරඹවත්තගේ චමින්ද රුද්‍රිගු , අරඹවත්තගේ ඉමාන් නිලුක්ෂ රුද්‍රිගු , සේනාධීරලාගේ දොන් නික්සන් අප්පුහාම් , රොහාන් උදයංක ද සිල්වා වීරක්කොඩි ,විජේරත්න මුදියන්සේලාගේ දිලාන් සුරංග යන අය වේ.
ඉකුත් 06 වෙනි දින රාත්‍රි කාළයේදී නවගමුව පොලිස් වසමේ රක්ෂපාන පාර, ඉහළ බෝමිරිය, ශ්‍රී සුමනාරාම විහාර ස්ථානයේ වැඩ වාසය කල පල්ලේගම සුමන හිමියන්ට සහ එහි සිටි 19 හැවිරිදි කාන්තාවකට සහ තවත් කාන්තාවකට විහාරස්ථානය තුළදී පහර දිම, අයුතු ඇතුළු වීම ,අයුතු ජනරාශිය, ලිංගික අතවරය, සාපරාධි බියගැන්වීම,අඩත්තේට්ටම් සිදුකිරිම, අයුතු අවහිරය, විහාරස්ථානයේ දේපළවලට අනර්ථය සිදු කිරීම හා අසභ්‍යය වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරිම යන චෝදනා යටතේ නවගමුව පොලිසිය විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කල අතර එම අවස්ථාවේදී සැකකරුවන් පිරිස අද (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර තිබුණි
නොවැම්බර් මස 29 දින යළි නඩුව කැදවීමට නියමිත වේ
පාසලකට දරුවෙක් දාන්න කියා සල්ලි වංචා කරලා
මහනුවර නගරයේ ජනප්‍රිය පාසැලකට 2020 වසරේදී සිසුවකු ඇතුළත් කර දෙන බව පවසමින් රුපියල් ලක්ෂ තුනක් ලබා ගෙන එම මුදල වංචා කළ බව කියන පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය මගින් අද (26) අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් කුළුගම්මන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ඔහු ගේ දරුවා මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසැලකට ඇතුලත් කර දෙන බව පවසමින් 2020 වසරේදී මෙම සැකකරු විසින් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගෙන ඇත.
එලෙස ලබා ගත් මුදල වංචා කර ඇති බවත් පවසමින් පසුගිය පෙබරවාරි මාසයේදි කටුගස්තොට පොලීසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි සැකකරු අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු තවත් පුද්ගලයින්ගෙන් මෙලෙස මුදල් වංචා කර ඇත්දැයි පරීක්ෂා කරගෙන යන බවත් සැකකරු අද 26 වනදා දිනයේම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි




















