ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්.
ඇය විසින් වසර 20කට වඩා පැරණි වාර්තාවක් බිඳ හෙළන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී දක්ෂතම සහ ජනප්‍රියතම නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි.
මේ දවස් වල අපිට ඇයව බොහෝ දුරට දැකබලා ගන්නට ඉඩකඩ තියෙන්නේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා කියන චරිතය සහ චලෝ ටෙලි නාට්‍යය තුළින්.
ඉතින් මේ ටෙලි නාට්‍යය දෙකටම මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.
ඒ වගේම ඇය විසින් රංගනයෙන් දායක වූ ගිරි දේවි, අග්නි පියාපත් සහ අඩෝ කියන ටෙළි නිර්මාණයන් ශලනිගේ රංගන ජීවිතයේ විශිෂ්ටම නිර්මාණයන් අතරින් කීපයක්.
ශලනිගේ නම මේ වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ගැටලුවට ඈදිලා තියෙනවා කියලා ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
හැබැයි ශලනි නම් මේවා තබ සතේකට ගණන් ගන්නේ නැති පාටක් තමයි ඇයගේ මුහුණුපොත බැලුවාම නම් පේන්නේ.
මේ ශලනි නොකියා ඒ ගැන තැබූ සටහනක්.

ශ්‍රි ලාංකික දරුවන් හමුවේ සංවේදී වූ ලෝක සංචාරක රූ රැජිණියෝ
ලෝක සංචාරක රූ රැජින 2023 තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ ප්‍රධානතම අරමුණ වනුයේ ඒ හරහා මෙරට සංචාරක කර්මාන්තයේ වඩා විධිමත් ප්‍රවර්ධනයක් ඇති කිරීම බව ලෝක සංචාරක රූ රැජින තරග ප්‍රධාන වැඩසටහන් සම්බන්ධිකාරක රධීකා ගුණවර්ධන පවසනවා.
මේ මස 29 දින ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝක සංචාරක රූ රැජින 2023 තරගය සඳහා සහභාගි වන රටවල් 28 රූමතියන් මහනුවරට පැමිණි අවස්ථාවේ ඇය ඉහත අදහස් පළ කළා.
ලෝක සංචාරක රූ රැජින තරගයට සහභාගි වන රටවල් 28 ක රූමත් තරුණියන් ඊයේ (24) හා අද (25) දෙදින මහනුවර ආශ්‍රීත සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකාරකම්වල නිරත වූ අතර ඔවුන් කුණ්ඩසාලේ ජායිපූර් කෘතිම පාද මධ්‍යස්ථානය හෙවත් සෙන්ටර් ෆෝ හැන්ඩිකැප්ඩ් ආයතනය වෙත ගොස් ආබාධිත කුඩා දරු දැරියන් 20 දෙනෙකු සඳහා කෘතිම පාද ලබාදීම වෙනුවෙන් තම දායකත්වය ලබා දුන්නා.
මෙම ආබාධිත දරු දැරියන් සමග ගී ගයා නර්තනයන්හි නියැළුණු මෙම තරුණියන් ඔවුන් හමුවේ ඉතාමත් සංවේදී වූ ආකාරයද දැකගත හැකි වුණා.
මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන තරුෂි කුලතුංග කියා සිටියේ මෙම තරඟය ශ්‍රී ලංකාවේ පැවැත්වීම හරහා මෙරට සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා විශාල පිටිවහලක් වන බවත් මෙම සියළු රටවල නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ අසරණ දරු දැරියන් සඳහා උපකාර කිරීමට වඩාත් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.
මෙම කණ්ඩායම මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ ආගමික වතාවත්හි නිරත වූ අතර මෙම තරුණියන් සහභාගී වන සමාජ සත්කාර ක්‍රියාකාරකම් උදෙසා රොටරි සමාජය දායකත්වය දක්වයි.



















