විදුලියෙන් දුවන බස් රථ සේවයක් එයි

78

කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන බස් රථ 50ක් යොදාගෙන “ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ලක්දිව ඉංජිනේරු ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය .

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙම අදහස් පළ කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට ” මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

විදුලියෙන් ධාවනය වන බස් රථ ප්‍රචලිත කිරීම සඳහා එම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශයේ අරමුණ බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

පැරණි පුවත් -තරුණියකගේ සිරුර ලැඟුම්හලේ නාන කාමරයේ එල්ලෙයි

තරුණයෙකු සමග රක්වාන ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් සිටි ඔහුගේ පෙම්වතිය බව කියන විසි දෙහැවිරිදි  තරුණියකගෙ සිරුර එම ලැගුම්හලේ කාමරයක පිහිටි  නාන කාමරයේ එල්ලෙමින් තිබියදී සොයා ගන්නා ලදැයි රක්වාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ රක්වාන   ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි තරුණියකි.

රක්වාන ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයකු ඔහුගේ පෙම්වතිය බව කියන මෙම විසි දෙහැවිරිදි තරුණිය ද සමග සමග ත්‍රිරෝද රථයකින් රක්වාන, පනාවල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට ගොස්එහි කාමරයක් වෙන්කර ගෙන ගත කර ඇති බවරක්වාන  පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම තරුණයා තරුණිය එම කාමරයේ තබා දිවා ආහාරය ගෙන ඒමට  පිටව ගොස් යළි පැමිණ අවස්ථාවේ පෙම්වතියබව කියන තරුණිය නානකාමරයේ එල්ලී සිටින අයුරු දැක ඇතැයි පොලිසිය කියයි.

මෙම තරුණිය  ඇඳ සිටි ඇඳුමේ කොටසකින්  නානකාමරේ එල්ලී සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

තරුණයා මේ බව ලැගුම්හලේ ලැගුම්හලේ සේවකයින්ට දන්වාපඑම සේවකයින් ගේද සහාය ඇතිව ඇය කහවත්ත රෝහලට රැගෙන ගොස් ඇත.

වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා තරුණිය මිය ගොස් ඇති බව දැනුම් දී ඇතැයි පොලීසිය කියයි.

මෙම තරුණිය එල්ලී සියදිවි නසා ගත්තේ ද එසේත් නැත්නම් අපරාධයක් සිදුකර ඇත්දැයි යන්න සොයාගැනීමටමෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා රක්වාන  පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *