BREAKING NEWS
Search

බීමත් පියා තුන් හැවිරිදි දරුවාට කල අහස පොලොව නුහුලන අපරාධය

483

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ වතුයාය පියෙකු සිය තුන් හැවිරිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට උණු වතුර දමා දරුණු ලෙස පුළුස්සා බරපතල තුවාල සිදු කොට ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

මේ පිළිබඳව පැමිණිල්ලක් අද (25) ලැබී ඇති බවත්, එම සිදුවීමෙන් බරපතල තුවාල ලැබු එම දරුවා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලීසිය කියයි.

ඊයේ (24) සවස් කාලයේදී කුඩා දරුවා මෙම සිද්ධියට මුහුණ පා ඇති අතර, බීමතින් පැමිණි පියා දරුවාට අමානුෂික ලෙස පහරදී පසුව ශරීරයට උණු වතුර දමා පුළුස්සා ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිදුවීමට සම්බන්ධ එම දරුවාගේ පියා මේ වනවිට නුවරඑළිය ප්‍රදේශයට පලා ගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ලිඳුල පොලීසිය පවසයි.

මෙම දරුවාගේ පිට ප්‍රදේශයේ විශාල කොටසක් උණු වතුර දැමීම හේතුවෙන් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බවත්, මුලික ප්‍රතිකාර සිදු කිරීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කොට යවීමට පියවර ගන්නා බව මේ පිළිබඳව සිදු කරන ලද විමසීමේදී ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ. ජෙයරාජන් මහතා පැවැසීය.

ශාන්ත චන්ද්‍රසිරි

ආගන්තුකයින් දුන් කේක් කෑ පවුලක්ම සිහිසුන්වෙයි

පුත්තලම නගරයෙ  නිවසකට පැමිණි නාඳුනන දෙදෙනෙකු නිවැසියන්ට ලබා දුන් කේක් හා බිම ආහාරයට ගැනිමෙන් ක්ලාන්තව හා සිහිසුන්වි එකම පවුලේ පස් දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ ව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත්තේ වයස අවුරුදු 65  හැවිරිදි කරණවැමියකු  හා ඔහුගෙ 63 හැවිරිදි බිරිද,29 හැවිරිදි දියණිය, කරණවැමියාගේ 86 හැවිරිදි පියා හා 84 හැවිරිදි මව ඇතුළු පිරිස බව කියයි.

පුත්තලම අනුරාධපුර මාර්ගයෙ අතුරු මාර්ගයක පිහිටි මෙම නිවසට මෙම නාදුනන ආගන්තුකයින් සැකකරුවන් පැමිණ ඇති බවයි.

එසේ පැමිණි සැකකරුවන් හෘද සැත්කමකට ලක්කර සිටි මෙම නිවෙස් හිමි කරණවැමියාට හිතවත් කමක් පෙන්වා කලක සිට හඳුනන බව පවසා අදාල කරණවැමියාට පුද්ලික ආයතනයකින් රුපියල් 50000 ක  ප්‍රදානය කිරීමට කටයුතු කර ඇති බවයි.

අදාල චෙක්පත ලබා දීමට ප්‍රථම මෙම නාදුනන ආගන්තුක සැකකරුවන් රැගෙන ආ බිම බෝතලය හා කේක් කපා ආහාරයට ගෙන එය ජායාරූප ගෙන චෙක්පත ප්‍රදානය කිරීමට සුදානම් වන ආයතනයට යැවිය යුතු බව පවසා තිබේ.

ඒ අනුව එම යෝජනාවට නිවැසියන් එකග වී ඇති බවත් ඉන් පසුව කේක් කපා ආහාරයට ගැනිමටත් බීම පානය කිරීමටත් කටයුතු කර තිබුණි.

නමුත් නිවෙස් හිමි  හෘද රෝගී කරණවැමියා කුඩා කේක් කැල්ලක පමනක් රස බලා බීම පානය කර නොමැති බව කියයි.

එසේ සිටියදී මෙම නාදුනන ආගන්තුකයින් රැගෙන ආ කේක් හා බීම පානය කල තම බිරිද,දියණිය පියා හා මව සුළු වේලාවකින් සිහිසුන්ව ඇද වැටෙනු දුටු මෙම නිවෙස් හිමි කරණවැමියා කඩිනමින් පුත්තලම නගරයෙ රැකියාවක නිරත තම වැඩිමහල් දියණියට ජංගම දුරකථනයෙන් “නංගී වැටුනා,, යැයි පමනක් පවසා ඇති බවත් ඒ සමගම මෙම කරණවැමියාද සිහිසුන්ව ඇද වැටි ඇති බව කියයි.

මෙම තැනැත්තා දියණීයට දුරකථන ඇමතුම ලබා දීමේන් පසු කලබල වු  නිවසට පැමින සිටි ආගන්තුක සැකකරුවන් දෙදෙනා කඩිනමින් නිවසින් පැන ගොස් ඇති බවද පොලිස් පරික්ෂණ වලදී හෙළිව තිබේ.

තම පියා ලබා දුන් දුරකථන පසු කිසිදු පිළිතුරක්  පියගෙන් නොලැබිමේන්  කලබලයට පත් වැඩිමහල් දියණීය කඩිනමින් කුලි ත්‍රි රෝදයක නැගි නිවෙසට පැමිණ ඇති බවත් ඒ වන විට නිවසේ සියලු දෙනාම සිහිසුන්ව ඇද වැටි සිටි බවත් ඉන් පසුව අසල්වැසියන්ට කෑගසා මෙම සියලු දෙනා පුත්තලම රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇති බව කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *