BREAKING NEWS
Search

උපන් දිනයදා සැමියා සප්‍රයිස් කරන්න ආ බිරිඳ, සැමියාගේ අනියම් රුඟුමෙන් හොඳටම සප්‍රයිස් වෙලා

1975

අනියම් ඇසුරක් නිසා බිරිඳ සහ දරුවන් පමණක් නොව තම රැකියාවද අහිමි කරගත් අනංගයෙකු පිළිබඳ පුවතක් කුරුණෑගලට ආසන්න ප්‍රදේශයකින් වාර්තා වෙනවා.

හෙතෙම රාජ්‍ය ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු වූ අතර බිරිඳ ගුරුවරියක්.

ඔහු දුර බැහැර ප්‍රදේශයක රාජකාරි කළ අතර ආයතන පරිශ්‍රයේම පිහිටි නිල නිවසක පදිංචිව සිටියේ.

සති අන්තයේ පමණක් නිවසට එන ඔහු සඳුදා උදෑසනම සේවා ස්ථානය වෙත යයි.

කොවිඩ් තුන්වැනි රැල්ලෙන් පසු රට විවෘත වූ අතර කාර්යාල​යේ රාජකාරි බහුල වූ හෙයින් සති අන්තයේ නිවසට ඒමටද ඔහුට හැකියාවක් නොළැබුණා.

බිරිඳ ඔහුට ආඩපාලි නොකීවේ රාජ්‍ය සේවයේ තරම ඇය දන්නා බැවින්.

මේ අතරතුර සැමියාගේ උපන් දිනය එළැඹුණු අතර එදා ඉරිදාවක් විය.

දිනපතා දුරකථනයෙන් කතාකළත් තම සැමියා උපන් දිනය ගැන සිහිපත් නොකළද බිරිඳට සැමියාගේ දිනය හොඳට මතක තිබුණා.

“එයාට අමතක වෙලා ඇති” බිරිඳ සිතුවා.

එදා නිවාඩු දිනයක් වූ නිසා දරුවන්ද සමඟ සැමියාගේ නිල නිවසට ගොස් ඔහුට සුබ පතා ඔහුව පුදුමයට පත් කළ යුතු යැයි බිරිඳ සිතුවා.

ඒ අනුව කේක්, රස කැවිලි හා තෑගිද රැගෙන බිරිඳ දරුවන් සමඟ ත්‍රිරෝද රියකින් දුරකතර ගෙවා සැමියාගේ සේවා ස්ථානයට පැමිණියා.

ආයතනය වසා තිබිණු අතර නිල නිවස පිහිටියේ ඒ ආසන්නයේ බැවින් ඇය හඬ නොනගාම එදෙසට ගියා.

කාමරයේ එක් ජනෙල් පියනක් පමණක් විවෘතව තිබිණු අතර සැමියා පුදුම කරන අදහසින් ඇය ජනෙල් කවුලු‍වෙන් එබී බැලුවා.

ඇයට දෙවියන් බුදුන් සිහිවූයේ තම සැමියා කතක් සමඟ සයනයේ සිටිනු දැකීමෙන්.

අනියම් පෙම්වතිය ගෙනා කේක් ගෙඩියක්ද මේසය මත වුණා.

බිරිඳට යකා ඇවිස්සිණු අතර ඉදිරිපස දොර කඩා නිවස තුළට පිවිසි ඇය අතට අහුවන අහුවන දෙයින් දෙදෙනාට දමා ගැසුවාය. අනියම් බිරිඳ අඩ නිරුවතින්ම නිවසින් පැන දිව්වාය.සැමියා කාමරයක සැඟවුණා.

බිරිඳ පොලිසියට ගිය අතර ආයතන ප්‍රධානියාටද සිදුවීම පැමිණිලි කළා.

විධායක නිලධාරියාගේ විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් පසු ඔහු සේවයෙන් පහ කෙරුණා.

“ගෙවල් පැත්තේ එන්න එපා, තමුසේ මහ වනචර මිනිහෙක්” බිරිඳ කීවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *