BREAKING NEWS
Search

පෙන්නන රැස්වලින් කිසිම ලාබෙකුත් නැහැ,රණ්ඩු බේරලා නිදහසකුත් නැහැ,දැන් නම් මහ වදයක්- රැස් විහිදෙන යුවල මේ දවස්වල මුහුණ දෙන අළුත්ම ප්‍රශ්නය

355
ශරීරයෙන් රැස් විහිදෙන  යුවලක් ගැන විස්තරයක් අපි පසුගියදා  කිව්වනේ.
මේ පුවත සැලවීමත් එක්ක දිවයිනේ නන් දෙසින් සෙනඟ එනවලු එයාලගේ රැස් විහිදෙන හැටි බලන්න.

කොහොම වුනත් මේ රැස් විහිදීම කිසියම් බලයක් නිසා ලැබුන දෙයක් නෙවෙයි කියලා වෛද්‍යවරුත් කියලා තිබුනේ මේ යුවල නිරීක්ෂනය කිරීමෙන් පස්සේ.

ඇස් බැන්දුමක්වත්,අත්භූත බලයක්වත් නොවුන මේ රැස් විහිදීම ස්ථිති විද්‍යුතය නිසා සිදුවන දෙයක් කියලයි වෛද්‍යවරු ප්‍රකාශ කලේ.

කොහොම වුනත් මේ යුවල දැන් මුහුන දීලා තියෙන්නේ අපූරූ කරදරයකට.

ඒ දිවයින පුරා සිටින මිනිස්සු මේ දෙන්නව බලන්න එන එකත් ඇඟ අතගාලා එළිය බලන එකත් දැන් එයාලට හිසරදයක් වෙලාලු.

ඒ ඔක්කොමත් හරි කිව්වැහැකිලු එන අය බීමතින් ඇවිත් රණ්ඩු සරුවල් වෙන එකත් හරිම වදයක් කියලයි එයාලා කියලා තියෙන්නේ.

“අපිට මේක දැන් කරදරය වෙන තත්වයකට පත් වේගෙන එනවා.

මගේ සහ සැමියාගේ සිරුරුවලින් සියුම් විදුලි දහරා බැලීමට ඈත එපිට පළාත්වලින් පවා සෙනඟ එනවා.

එසේ පැමිණෙන පිරිස් අතර සිටින ඇතැමුන් බීමතින් පැමිණ අනෙක් අය එක්ක රණ්ඩු වෙනවා.

පසුගිය දින දෙක තුනේම මේ වගේ රණ්ඩු සරුවල් ඇති කරගත්තා.

අපිට දැන් මේක මහ කරදරයක්.එහෙම රණ්ඩු වෙන්නෙත් ගමේම අය එක්ක.

අපේ සිරුරු වලින් විහිදෙන විදුලි දහරා පෙන්නුවීමෙන් අපිට කිසිදු ආර්ථික ලාභයක් නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *