BREAKING NEWS
Search

ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් ,හැදුනුම්පත් රැසක් හමුවෙයි

172

ගාල්ල ඔරොප්පුවත්ත පිහිටි නගර සභා ගොඩනැගිල්ලක වහලයේ තිබි හිස් මුදල් පසුම්බි රැසක් , ජාතික හැඳුනුම්පත් තොගයක්සහ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්ද නගර සභා සේවකයින් විසින් සොයාගෙන පොලිසියට බාරදි තිබේ.

නගර සභා සේවකයින් විසින් ඒම ගොඩනැගිල්ලේ වහලය මත තිබෙන අතහැර දමා තිබෙන ජල ටැංකියක තිබු ගසක් ඉවත් කිරිමට යාමේදි මෙම හිස් පසුම්බි  සහ හැඳුනුම්පත් තොගය සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ සොරුන් විසින් නගරයේදි සහ බස් රථවලදිද නිවෙස්වලින්ද මුදල් පසුම්බි  සොරකම් කර ගන්නා ලද සොරුන්  ඒ්වායේ තිබු මුදල් ගෙන හිස් පසුම්බි මෙම වහලය මතට විසිකර ඇති බවය.

හැඳුනුම්පත් අයිතිකරුවන්ට දැනුම්දිමට පියවර ගන්නා බවද පොලිසිය පැවසිය.

බිලිඳු සිරුරක් ඇලකින් හමුවෙයි

අලුත් උපන් බිලිදු මළ සිරුරක් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි අද (24) හමු වු බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කුඩා පාලමක් යට ඇළ මාර්ගයේ තිබි මෙම බිලිදු මළ සිරුර සොයාගත් බව නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.

එම මාර්ගයේ ගමන් ගත් වතු කම්කරුවන් පිරිසක් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයේ පොලිතින් උරයක දමා ඇති බිලිදු සිරුරක් පාවෙමින් තිබෙන බවට නොර්වුඩ් පොලිසියට කළ දැනුම් දිමක් මත නොර්වුඩ් පොලිසිය විසින් සිරුර සොයාගෙන ඇත.

අලුත් උපන් බිලින්දාගේ සිරුර ඇළ මාර්ගයට ගෙනවිත් දමන්නට ඇති බවට නොර්වුඩ් පොලිසිය සැකකරයි.

බිලින්දා බිහි කළ මව සොයා නොර්වුඩ් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණයක් ආරම්භ කර ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *