මීගමුව පොලිස් වසමේ අධිකරණ සංකීර්ණය පිටුපස කලපුවේ කාන්තා මළ සිරුරක් ඇති බවට මීගමුව පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
අවුරුදු 40 – 45ත් අතර වයසේ පසුවන අතර, සුදු සහ කළු ඉරි සහිත ටී ෂර්ට් එකක් සහ කළු පැහැති සායක් හැඳ සිටි උස අඩි 5ක් පමණ කාන්තාවක් බව පොලීසිය පවසයි.
මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
තවද
කුරුඳුවත්ත රොස්මිඩ් ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් වැටී ව්‍යාපාරිකයෙකු මියගොස් තිබේ.
අදාළ ව්‍යාපාරිකයා එම මහල් නිවාසයේ හත් වන මහලෙන් ඇද වැටී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ 47 හැවිරිදි කොළඹ පහ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



















