BREAKING NEWS
Search

ඩුබායිහි සිටි 23 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු සිදු කරගත් අපරාදය

773

ඩුබායිහි සිටි 23 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙම තරුණයා ඩුබායිහි රැකියාවක් සඳහා ගොස් තිබුණේ සංචාරක වීසා මත වන අතර ඔහු මෙලෙස මියගියේ එරටට ගොස් දින 8 ක් වැනි කාලයක් තුළයි.

අද වන විට බොහෝ තරුණ තරුණියන් රට රැකියාවට යන්නේ විශාල සිහින පොදි බැඳගනිමින්.

ඒ අතරින් සැලකිය යුතු පිරිසක් සංචාරක වීසා මත විදෙස්ගත වන අතර එම වීසා කාණ්ඩය යටතේ ඔවුන්ට රැකියාවක නිරත වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

එහෙත් කෙසේ හෝ විදෙස්ගත වීමේ අරමුණින් යන තරුණ තරුණියන් විවිධ තැරැව්කරුවන්ට හසුව අවසානයේ නොයෙක් අපහසුතාවන්ට සහ දුක් කම්කටොලු රැසකට මුහුණදුන් සිදුවීම් පසුගිය සමයේ වාර්තා වුණා.

එලෙස සංචාරක වීසා මත ගොස් රැකියාවක් සොයාගත නොහැකිව අසරණව සිටින ලාංකිකයන් පිළිබඳ වීඩියෝවක් මේ.

සංචාරක වීසා මත ඩුබායිහි රැඳී සිටි ලාංකික තරුණයෙකු සියදිවි නසාගත් පුවතක් වාර්තා වුණේ මෙවැනි පසුබිමකයි.

අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ පදිංචිව සිටි, 23 හැවිරිදි කසුන් ප්‍රසන්න පවුලේ එකම දරුවායි.

ඔහු පසුගිය ජුනි මස 15 වනදා සංචාරක වීසා මත ඩුබායි රාජ්‍යයට පිටව යන්නේ තැරැව්කරුවෙකු හරහායි.

ඩුබායි රාජ්‍යය වෙත ගිය ඔහු දින 2ක් හෝටලයක සේවය කර ඇති අතර දින තුනක් ඇඟලුම් කම්හලක සේවය කර තිබෙනවා.

කෙසේවෙතත් ඔහු පසුගිය ජුනි මස 23 වනදා කසුන් සිය කාමරයේදි සියදිවි හානි කරගන්නේ කවුරුත් අපේක්ෂා නොකළ අන්දමින්.

තම පුතු සියදිවි හානි කරගත් පුවත මව්පියන්ට සැලවීමත් සමඟ කසුන්ගේ දේහය යළි මෙරටට ගෙන්වාගැනීමට දරන්නේ මහත් පරිශ්‍රමයක්.

ඒ අනුව මාසයක පමණ කාලයකට පසු කසුන්ගේ දේහය ඔහු අවසන් වරට රැකියාව සිදුකළ ස්ථානයේ ඉහළ නිලධාරියෙකු සිය පෞද්ගලික ධනයෙන් මෙරටට එවීමට මව්පියන්ට සහාය වී තිබෙනවා.

කසුන්ගේ පියා වෘත්තියෙන් ගොවියෙකු වන අතර මව ගෘහණියක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *