බංගලාදේශයේ බස් රථයක් පොකුණකට පෙරලී තිබෙනවා.
මෙම අනතුරින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 35කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව සඳහන්.
මියගිය පිරිස අතර බාලවයස් දරුවන් හත් දෙනකු සහ කාන්තාවන් පස්දෙනෙකු ඇති බවයි වාර්තා වෙන්නේ.
අනතුරින් අවම වශයෙන් මගීන් 35 දෙනෙකු තුවාල ලබා ජලකති දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කොට සිටින්නේ.
දිස්ත්‍රික් සිවිල් ශල්‍ය වෛද්‍ය සහිරුල් ඉස්ලාම් පවසන පරිදි ගලවා ගැනීමේ සේවකයින් විසින් මළ සිරුරු 13 ක් එම ස්ථානයෙන් සොයා ගත් අතර තවත් හතර දෙනෙක් රෝහලේදී මිය ගිය බවයි.




















