BREAKING NEWS
Search

අඟුරුවාතොට මවගේ සහ බිළිඳියගේ දේහයන් නිවසට

441

අඟුරුවාතොට ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ මවගේ සහ බිළිදියගේ මෘත දේහ අද (22) පස්වරුවේ ඌරුතුඩාව ප්‍රදේශයේ පිහිටි ඔවුන් පදිංචිව සිටි නිවස වෙත රැගෙන ආවේය.

ඔවුන් දෙදෙනාගේම මෘත දේහ එකට තැන්පත් කර මුද්‍රා තබා තිබූ බව අප වාර්තාකරු පැවසීය.

කෙසේවෙතත් ඝාතනයට ලක්වූ මවගේ සහ බිළිදියගේ මෘත දේහයන් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ අද දිනයේදී හොරණ මූලික රෝහලේ දී සිදු කෙරුණි.

එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් විවෘත තීන්දුවක් ලබාදෙමින් මළසිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා යොමු කර තිබේ.

ඒ, අදාළ සිරුරු කොටස් සත්ත්ව සපාකෑම් හේතුවෙන් හානි සිදුව ඇති බව පවසමිනි.

මේ අතර අඟුරුවාතොටදී මව සහ ඇයගේ මාස 11ක් වූ දැරියගේ මරණයෙන් පසුව ප්‍රදේශයෙන් පළාගොස් සිටි ඇයගේ මස්සිනාව අද උදෑසන අඟුරුවාතොට පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන් වෙත කතුරකින් පහර දීමට උත්සාහ දරා ඇති අතර පොලීසිය පැවසුවේ එය වැළැක්වීමට යාමේදී සැකකරු එම කතුරෙන් තමන්ටම ඇනගෙන තුවාල සිදු කරගෙන ඇති බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *