කිලිනොච්චි- විශ්වමඩු- කන්නගිනගර් ගම්මානයේ ප්‍රේම සබඳතාවක් මුල්කරගෙන උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙන්නේ, පුන්නේනිරාවී හා කන්නගිනගර් යන ප්‍රදේශ දෙක අතරයි.
පසුගිය 19 වැනි දින මෙම සිදුවීම පෙම් පළහිලව්වක් හේතුවෙන් ඇතිව ඇති අතර තත්ත්වය පාලනයට ධර්මපුරම් පොලිසිය විසින් අහසට වෙඩි තැබීම් ද සිදු කරනු ලැබුවා.
නමුත් මෙම කළහකාරී තත්ත්වය ඊයේ (21) දිනයේදිත් ඇති ව ඇත්තේ පුන්නෙයිනිරාවි ප්‍රදේශයේදියි.
එහිදී එම වැසියන්ට පහරදීමක් ද සිදුව ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.
මේ සමග කත්තගිනගර් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ තම ආරක්ෂාව සඳහා හමුදා සහාය ලබාදෙන ලෙසයි.
Source : Hirunews



















