තම සීයා මිය ගිය දිනයේ එම අවමඟුල් අවස්ථාවට සහභාගිවීමට එම නිවසට ගිය අතර, එදින රාත්‍රී 10.30 පමණ අසල්වැසි තරුණයෙක් එම නිවසේ ඇතුලත කාමරයකින් පුටුවක් ගෙන එන්නැයි තමාගෙන් ඉල්ලා සිටි බැවින් තමා පුටුවක් රැගෙන ඒමට කාමරයට ගිය බවත් එම කාමරය විදුලි පහන් නොමැතිව අඳුරේ තිබූ අතර පුටුව ඉල්ලූ තරුණයා තමා පසුපසින් පැමිණ කරදර කළ අතර ඔහු පසුපසින් පැමිණි තවත් නාඳුනන පිරිමි තිදෙනෙකු ද එම රාත්‍රියේදී තමාව කරදරයට ලක් කළේ යැයි දැරිය පසුගිය 05 වනදා පංති භාර ගුරුවරියට පැවසීමෙන් පසු ගුරුතුමිය විදුහල්පතිවරයාට දැනුම් දී ඇති අතර විදුහල්පතිවරයා විසින් කිරිබත්ගොඩ පොලිසියට පැමිණිලි කර තියෙනවා.
අවමඟුල පැවති දා පළමුවරට තමා කරදර කළ සැකකරු ඉන් දෙමසකට පසු නැවත වාරයක් තමා නිවසේ තනිව සිටියදී බලහත්කාරකමක් කිරීමට පැමිණි අතර, එදින ඔහුට එය ඉටුකර ගැනීමට නොහැකි වූවේ යැයි දැරිය ප්‍රකාශ කර තියෙනවා.
මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ ලබා දීම සඳහා සැකකරු මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තියෙනවා.
දිනමිණ



















