ඔක්තෝම්බර් 25 තිරගත වීමට නියමිත, “තෑන්ක් ගෝඩ්” චිත්‍රපටයේ ගීතයක් වන මෙය, ටීසීරිස් කියන ඉන්දියාවේ දැවැන්ත ම සංගීත සන්නාමය යටතේ මෙසේ මුදාහැරුණා.
ඒ විදිහට ලෝකයක් “යොහානි මැණිකේ” ගැන ආඩම්බරයෙන් කතා කරනවා වුණත්, ලංකාවෙන් ඇයට මතු වූ විරෝධය නම් යන්තමින් හෝ අඩු වෙලා නැහැ.
ඇය ඇගේ මුහුණු පොතේ පළ කරපු ‘මැණිකේ’ ගීතයේ පූර්ව ප්‍රචාරක පටයෙන් මේ විරෝධය කොයි තරම් ද කියලා කියන්න පුළුවන්.
විශේෂයෙන්ම ඇගේ ඒ පළකිරීමට “හාහා” එසේත් නැත්නම් ඇගේ එම ගීතය හාස්‍යයට ලක් කළ සියලු දෙනාම පාහේ ලාංකීකයින් වීමත් විශේෂ යි.
යොවුන් ගායිකා යොහානි ද සිල්වා මින් පෙර පැවති ජනතා අරගලයට සහය නොදීම මෙසේ ඇයට ජනතා විරෝධය මතුවීමට ප්‍රධානතම හේතුවක් වුණා.
ඇය යම් ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භ කළා වුණත්, එය ද දේශපාලනික අරමුණක් යටතේ ඇය සිදුකළ එකක් බව කියමින් බොහෝ දෙනෙක් ඇයට විරෝධය පළ කළා.
සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත වන කොරින් අල්මේදා, ශෙහාන් කෞෂල්‍ය වැනි පිරිස් ද යොහානිට විරෝධය පළ කරමින් මුහුණු පොතේ යම් යම් පළ කිරීම් කර තිබුණා.
කොහොම වුණත්,
යොහානිට හදවතින් ම සුබ පැතු ශ්‍රී ලාංකීකයින් බොහෝ දෙනෙකුත් කමෙන්ටු අතරින් අපට සොයාගැනීමට හැකි වුණා.






















