BREAKING NEWS
Search

නිවාස සිහින පෙන්වා කෝටි ගණනක මුදල් වංචා කළ යක්කල ආයතනය

208

නිවාස ඉදිකිරීමේ ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙරට ජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කරමින් සිටින ආයතනයක් පිළිබඳව හිරු සී.අයි.ඒ.තොරතුරු අනාවරණය කර ගත්තා.

කලින් කලට එම ආයතනයේ නම වෙනස් කරමින් කලින් ගම්පහ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අදාල ආයතනය මේ වනවිට පවත්වා ගෙන යන්නේ යක්කල නගරයේයි.

අද සී.අයි.ඒ. අනාවරණය එම වංචනික නිවාස ඉදිකිරීම් ආයතනය පිළිබඳවයි.

තමන්ටම කියා හිසට සෙවණක් ඉදිකර ගැනීම බොහෝ දෙනාගේ විසල් සිහිනයක්.

නමුත් පවතින ආර්ථික තත්ත්වය මත එම සිහිනය සැබෑකර ගැනීම සඳහා ඇතැමුන් මැදපෙරදිග රටවල දහදිය වගුරනවා.

එම දහදිය කඳුළු මුදල් බවට පත්කර ගෙන තම නිවාස සිහිනය සැබෑ කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින එම රට විරුවන් ඇතුළු බොහෝ පිරිසක් පසුගිය කාලයේ ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා නිවාස ඉදිකරන බව කියන මෙම ආයතනයේ
දැන්වීමට රැවටී තිබුනා.

නිවාස සාදාදෙන බවට ගිවිසුම්වලට එළඹෙමින් ඔවුන් රුපියල් ලක්ෂ ගණනින් මෙම ආයතනයට මුදල් ගෙවා තිබුනේ ඉක්මනින් තම නිවාස සිහිනය සැබෑකර ගැනීමටයි.

එහෙත් මේ වනවිට එම බහුතරයක් ජනතාවට සිදුව ඇත්තේ නිවාස සැකිලි පමණක් ඉතිරිව වල් වැදී ඇති ඉඩම් දෙස බලා සුසුම් හෙළීමටයි.

මෙම නිවාස වංචාවට ප්‍රදේශ රැසක ජනතාව රැවටී ඇති පසුබිමක ගම්පහ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අදාල ආයතනය නම වෙනස්කරමින් මේ වනවිට යක්කල ප්‍රදේශයේ පවත්වාගෙන යන බව හිරු සී.අයි.ඒ. තොරතුරු අනාවරණය කර ගත්තා.

එහි මේ වනවිටත් අදාල වංචාව සිදුකර ගෙන යන්නේ මෙලෙසින්.

Source : Hirunews 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *