BREAKING NEWS
Search

වෑන් රථයක් හා යතුරු පැදි 3ක් ගැටේ

628

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රංවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු නැති වී තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, කොළඹ – මහනුවර මාර්ගයේ දකුණු පසට බරව ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ යතුරුපැදි 3ක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් යතුරුපැදි තුනෙහි ගමන් ගත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී පුද්ගලයින් තිදෙනෙකු නැති වී ති‌බේ.

එලෙස නැති වී  ඇත්තේ, තුල්හිරිය හා වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචි 27 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙක් ය.

අනතුර සම්බන්ධයෙන් සැකපිට වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ, අපරික්ෂාකාරි රිය ධාවනය ඊට හේතුවී ඇති බවයි.

Source : Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *