අමෙරිකාව බලා පිටත්ව යාම සදහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇති බව වාර්තා වේ.
ඉකුත් ජුලි 9 වැනි දිනද ඒ මහතා අමෙරිකාව බලා පිටත්ව යාමට අලුයම් කාලයේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණියද ඒ අවස්ථාවේ පැන නැගුණු ජනතා විරෝධය හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා සිය අමෙරිකානු සංචාරය අවලංගු කරනු ලැබීය.
පසුව අධිකරණය හමුවේ පැවරුණු නඩුවකින් ඒ මහතාට විදෙස්ගත වීමද අත්හිටුවා තිබිණ.
එසේ වුවත් පසුගිය දිනෙකදී එම අධිකරණ තහනම ලිහිල් කරමින් ඒ මහතාට ජනවාරි දක්වා විදෙස්ගගත වීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබිණ.
ඒ අනුව මේ වනවිට කටුනායකට පැමිණ ඇති ඒ මහතා එමිරේට්ස් යානයකින් පළමුව ඩුබායි බලාත්, ඉන් අනතුරුව අමෙරිකාව බලාත් පිටත්ව යාමට නියමිතය.
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 37 දෙනකු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දීමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතා මෙසේ රටින් පිටවීම විශේෂ සිදුවීමකි.
Source : Mawrata


















