විශේෂයෙන්ම අරගල සමයේ ඇය විසින් සිදු කළ ප්‍රකාශයන් ද දැඩි ආන්දෝලනයට ලක්වුණා.
එහිදී විවිධ වැඩසහන්, චිත්‍රපට සඳහා මෙන්ම වෙනත් නිර්මාණ සඳහා ද “හඬ” දෙන්න ඇයට වාසනාව හිමි වුණා.
එවන් තත්ත්වයක් තුළ ඇගේ ඡායාරූපයක් ද බුකියේ පිරිස් විසින් විවේචනයට ලක් කොට තිබුණා.
මේ අතර,
පසුගිය දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආසියානු කුසාලන සුපිරි හතර දෙනාගේ වටයේ තරඟය අතරතුර දී, යොහානිගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා.
එම ඡායාරූපයේ ඇය විසින් ඉන්දීය කණ්ඩායමේ නිල ලාංඡනය සහ ධජය පැළඳ සිටින අතර, ඇය ඉන්දීය කණ්ඩායමට සහය දැක්වීමට මෙසේ සිදු කළ බවයි සමාජ මාධ්‍ය සටහන් බොහෝමයක් සඳහන් වූයේ.
කෙසේ නමුත්, සොයා බැලීමේ දී තහවුරු වන්නෙ යොහානිගේ මෙම ඡායාරූපය ව්‍යාජ ලෙස සකස් කරන ලද (එඩිට් කළ) එකක් බවයි.
මින් පෙර දී පළවූ ඇගේම ඡායාරූපයක් (එහි ඇය ඇඳ සිටින්නෙ ලංකාවට සහය පළ කරන ටීෂර්ටයක්) යොදාගෙන මෙම ව්‍යාජ ඡායාරූපය නිර්මාණය කර තිබෙනවා.
මෙම ව්‍යාජ ඡායාරූපය සත්‍යම ඡායාරූපයක් බවට බොහෝ දෙනෙක් විශ්වාස කළ අතර, එම ඡායාරූපය සඳහා ඔවුන් විවිධ ප්‍රතිචාර ද දක්වා තිබුණා.
මූලාශ්‍ර srilanka.factcrescendo.com




















