BREAKING NEWS
Search

විවෘත කළ සැණින් කඩා වැටුණු පාලම

1410

අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ පාලමක් බලධාරීන් විසින් විවෘත කරනු ලැබූ සැණින් කඩා වැටුණු බව පැවැසෙයි.

පාලම කඩා වැටෙන දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. රතු පීත්ත පටිය කපා පාලම විවෘත කළ බලධාරීන් සහ කාන්තාවක් පාලම මතින් ඇවිද යෑමට සූදානම් වෙද්දී ඔවුන්ගේ බර දරා ගැනීමට නොහැකිව පාලම කඩා වැටුණි.

පහළට වැටුණු කිසිවකුට අනතුරක් සිදුනොවුණු බව ද පැවැසෙයි. බර දරා ගැනීමට නොහැකි වී කඩා වැටුණු පාලම දෙකඩ විය.

(රොයිටර්)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *