BREAKING NEWS
Search

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මිනිස්සු රවටා මුදල් කඩාගත් කාන්තාව අල්ලයි

166

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා  රවටා මුදල් ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද පැමිණිලි මත සිදුකළ සොදිසි මෙහෙයුමකදී එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

රාජගිරිය, මැද වැලිකඩ පාර ප්‍රදේශ දී එම කාන්තාව සිය ආයතනය පවත්වාගෙන ගොස් තිබේ.

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 23ක් හා රුමේනියා රැකියා අයදුම්පත් රැසක් ද නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

සැකකාරිය රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක්ගෙන ඇති බවට තොරතුරු හෙළිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සඳහන් කළේය.

සැකකාරිය මීට පෙරද මෙවැනි ක්‍රියා හේතුවෙන් අධිකරණය මගින් ඇප නියම වී සිටි තැනැත්තියක් බව වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත.

සැකකාරියව කොළඹ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 05ක මුදල් ඇපයක්, ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් හා දැඩි ඇප කොන්දේසි මත මුදා හැර ඇති අතර, විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

Source: adaderana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *