ආදරේට වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියන කාරණය ඔප්පු කරවන සාධක ඕනෑ තරම් අපි දකිනවා.
මේ කියන්න යන කතාවත් ඒ වගෙයි.
ජනප්‍රිය දමිළ චිත්‍රපට නිෂ්පාදක රවීන්දර් චන්ද්‍රසේකරන් නිළි මහාලක්ෂ්මි සමඟ විවාහ ගිවිස ගත්තේ ගෙවුණු බ්‍රහස්පතින්දා.
ඔහු සිය Instagram ගිණුමෙහි ඔහුගේ බිරිඳ සමඟ විවාහ උත්සවයේ ඡායාරූප පෙළක් බෙදාගෙනත් තිබුණා. අලංකාර ලෙස සාම්ප්රදායික මංගල ඇඳුමින් නව යුවල සැරසී සිටිනු දැකිය හැකිය.
මෙම විවාහ මංගල ඡායාරූපවලට ඉතාමත් ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා.
පහතින් දැක්වෙන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ අපූරු රූ සටහන් එකතුවකි…


















