BREAKING NEWS
Search

වෛද්‍යවරුන් රට හැර යයි

153

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් රට හැරදා විදේශගතවීම ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය රුවන් ජයසූරිය කියා සිටියේ මේ වසර අවසානයේ දී එම සංඛ්‍යාව දහසක් පමණ වනු ඇති බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වෛද්‍යවරුන් විදේශගත වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක්ද සිදුකළ බවයි.

ඒ අනුව විදේශ විනිමය දිවයිනට ගෙන්වා ගැනීම සඳහා වෛද්‍යවරුන්ට ද විදේශගතවීම සඳහා අවස්ථාව සලසමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීම පිළිබඳව එහිදී අවධානය යොමු වූ බව වෛද්‍ය රුවන් ජයසූරිය ප්‍රකාශ කළා.

Source: Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *