BREAKING NEWS
Search

කොල්ලො හසුරවන එක අමාරුත් නෑ-හොංකො ක්‍රිකට් වැඩ්ඩෝ ටික මේච්චල් කරන පුංචි සුරංගනාවිය මෙන්න.. –

180
මේ වන විට එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුව ඇති බව රහසක් නොවෙයි.

එවන් තත්ත්වයක් තුළ දැන් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුව ඇත්තේ සුරූපී කාන්තා ක්‍රිකට් කළමණාකාරිනියක් වෙතටයි.

ඇය නමින් ස්මිතා චෙත්‍රි.

මෙවර ආසියානු කුසලාන තරගය තුළ සිටින, එකම කාන්තා කළමණාකාරවරිය ඇය යි.

සුරූපී රුවකට හිමිකම් කියන ස්මිතා, පිරිමි ක්‍රීඩකයින් කළමනාකරනය කරන කටයුත්ත බොහෝම කැමැත්තෙන් කරන කෙනෙක්.

“මට මේක හොංකොං ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු හොඳම අවස්ථාවක්. මම ඔවුන්ව කලක ඉඳන් අඳුනන නිසාත්, අපි හොඳින් ඇසුරු කරන නිසාත්, මේක අභියෝගයක් විදිහට මම දකින්නේ නෑ. මේක ගොඩක් ලේසි කියලා මම කියන් නෑ. හැබැයි අමාරුත් නෑ..” ඇය කියන්නෙ එහෙම කතාවක්.

“පළමුවරට මේ තනතුර දැරීම ටිකක් අසාමාන්‍ය අත්දැකීමක් වුණා. මම 2018 දී U19 කාන්තා කණ්ඩායමට සෙල්ලම් කළා. හැබැයි T20 කළමනාකරුවෙක් වෙන එකයි, ක්‍රීඩකයෙක් වෙන එකයි හරිම වෙනස්. මම හොංකොන් ක්‍රිකට් ආයතනයට ස්තුතිවන්ත වෙනවා මේ පුදුමාකාර අවස්ථාව මට ලබා දුන්නට..”

32 හැවිරිදි ස්මිතා චෙත්‍රි නේපාලයේ උපන් කාන්තාවක්.

කෙසේ වෙතත්, ස්මිතා ඇගේ රාජකාරිය ඉතාමත් වෙහෙස මහන්සි වී සිදු කරන බවයි හොංකොං ක්‍රිකට් ආයතනයේ සාමාන්‍යාධිකාරවරයෙකු සඳහන් කරන්නේ.

Source: Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *