කර්මාන්තශාලාවක් නරඹන්න අවසර දෙනවා කියලා, ටයිකෝට් ඇඳගෙන ඇවිත් ඉස්කෝලයක්ම රවට්ටලා.බස් තුනක රියදුරන්ගෙන් සල්ලි අරගෙන

338
අග නගරයේ කර්මාන්ත ශාලාවක් නැරඹීමට අවසර ලබා දෙන්නේ යැයි කියමින් මුළු පාසලක් හා මගී ප්‍රවාහන බස් රථ තුනක රියැදුරන්ද අන්දවා සෑහෙන ගානක් කඩාගෙන ගිය නාදුනන්නකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබෙනවා.එම කතාව මෙසේයි.

වැදගතකු යයි කෙනකුට හැඟෙන අයුරින් හොඳට ඇඳ පැළඳගත් අයෙක් විදුහල්පතිවරයා මුණගැසීමට පැමිණියා. ඒ පාසලේ පහළ පන්තිවල සිසුන් කර්මාන්ත ශාලාවක් නැරඹීමට කතිකාවක් ගොඩනැගී තිබූ අවස්ථාවකයි.

තමා අසවල් ආයතනයේ අසවලා යැයි ඔහු පාසලට හඳුන්වා දුන්නා. සිය කර්මාන්ත ශාලාව නැරඹීම සඳහා තමාට අවසර ලබාගත හැකි යැයි පාසලට ඔහු කීවේ එය ඇත්ත යැයි පිළිගත හැකි සාක්ෂිද ඕනෑවටත් වඩා පෙන්වා දෙමින්.

ඒ සඳහා විදුහලෙන් ලිපියක්ද ඔහු නැරඹීමට යන ආයතනය සඳහා ලබාගත්තා. ඒ විතරක්ම නොවේ පාසල් සිසුන් රැගෙන යාමට සූදානම් කර තිබූ බස් රථ තුනක අංක සඳහන් කරමින් අදාළ බස් ඩිපෝවටද ලිපියක් ගත්තා. ඒ බස් රථ සඳහා ඉන්ධන ලබාගැනීම සඳහා.

මේ සියලු‍ ලියකියවිලි ගත් මේ තැනැත්තා ඊට පසු ගියේ ලිපියේ අංක සඳහන් බස් රථ තුනේ රියැදුරන් හමුවීමට. පාසල් සිසුන් රැගෙන යාමට බස් රථ තුනට අවශ්‍ය තෙල් බස් ඩිපෝවෙන් ගසා ගැනීමට නම් අත්තිකාරම් මුදලක් ඩිපෝවට බැඳිය යුතු බව එහි රියැදුරන්ට ඔහු කීවා.

පෝලිමේ නොසිට තෙල් ටිකක් බස් එකට ගැසීමේ අවස්ථාවක් උදාවී ඇතැයි සිතූ බස් රථ තුනේ රියැදුරන් ඔහුට ලෝස් නැතිව මොනර කොළ ලබාදී ඇත්තේ යන්න තියෙන පාසල් සිසු හයර් එක ගැනද සිහිපත් කරමින්.

පාසල් සිසුන් යාමට කතිකා කරගත් දිනය ආසන්න වෙද්දී බස් රථවලට ඉන්ධන ලබාගැනීමට අත්තිකාරම් මුදල් ලබාගත් ඔහු ගැන සොයා බැලුවත්, කිසිදු හෝඩුවාවක් නැහැ. අන්තිමේදී සිසු චාරිකාව ද අත්හැරියේ එම ආයතනයට කතා කරද්දී එවැන්නක් ගැන එහි වගකිවයුත්තන් කිසිම දෙයක් නොදන්නා බව පැවසීම නිසා.

ලංකාදීප




Leave a Reply

Your email address will not be published. Required fields are marked *