BREAKING NEWS
Search

බිත්තර හතරකට ලක්ෂ පහක දඩයක්

199
උපරිම සිල්ලර මිල ඉක්මවා සුදු බිත්තර 4 ක් රැපියල් 260 ක මිලකට අලෙවි කල බලන්ගොඩ නගරයේ ඇති වෙලෙදසල්කට රැපියල් ලක්ෂ පහකක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඒ. එමි . එස්. මැණිකේ නියෝග කලා.

බලන්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පාලනය වන කෝප් සිටි වෙලෙද ආයතනය වෙත එම දඩ මුදල ගෙවිමට සිදු වුනා.

ඉකුත් 19 වැනිදා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් කර ඇති ගැසට් නිවෙිදනය අනුව සුදු බිත්තර එකක් විකිණිමට හැකි උපරිම සිල්ලර මිල රැපියල් 43 ක් ලෙස දැක්වෙනවා.

ඒ අනුව බලන්ගොඩ නගරයේ සිදු කළ වැටලිමි වලදි උපාය දුතයකු මගින් එම වෙලෙදසලින් බිත්තර මිල දි ගත් බවත් එක් බිත්තරක් රැපියල් 65 බැගින් බිත්තර හතරක් සදහා රැපියල් 260 ක මුදලක් අයකර ගෙන ඇති බව පාරිභෝගික අධිකාරියේ නිළධාරින් පැවසුවා.

වැඩි මිලට බිත්තර විකිණීම යන චෝදනා යටතේ ඉදිරිපත් කළ නඩුව සදහා වරද පිළිගත් අදාල ආයතනය වෙත බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එමි.එස්. මැණිකේ මහත්මිය විසින් එම ලක්ෂ පහක දඩ මුදල මෙලෙස නියම කළාය.

රත්නපුර පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානි උදය නාමල්ගම මහතාගේ උපදෙස් පරිදි විමර්ශන එම වැටලිම සිදු කර තිබෙනවා.

Source:Hirunews



Leave a Reply

Your email address will not be published. Required fields are marked *