BREAKING NEWS
Search

මායි දිනක්ෂි යි දෙන්නම උමලිගේ ෆැමිලි එකේ කට්ටියට කතා කරලා උමාලිත් එක්ක කතා කරලා ආවා ඉතිං අපිට දැන් ප්‍රශ්නයක් නැහැ-උමාලි එක්ක සාමදාන වුණු සාරංග සහ දිනක්ෂි

856

කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක් ආදරය කරන කඩවසම් ආකර්ෂණීය රංගන ශිල්පියෙක් විදිහට හඳුන්වන්න පුළුවන් චරිතයක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. පුංචි තිරය හෝ වේවා රිදී තිරය හෝ වේවා මේ ඕනෑම අංශයකට ඔහුට හැකියාව තියෙනවා ඉතාමත් හොදින් තමන්ගේ රංගන දායකත්වය දක්වන්න. ඒ නිසාම තමයි විවිධ දක්ෂතාවයන් වලින් පරිපූර්ණ වූ රංගන ශිල්පියෙක් විදිහට ඔහුව හඳුන්වන්නේ. සාරංග රංගන ශිල්පියෙක් ටත් අමතරව අති දක්ෂ ගායකයෙක් ඒ ඒ වගේම දක්ෂ නිවේදකයෙක් විදිහට නම් කරන්න පුළුවන් චරිතයක්.

ඔහු මේ වන විට විවාහ වෙලා ඉන්නේ ක්ෂේත්‍රයේ දක්ෂ  රංගන ශිල්පිනියක් වෙච්ච දිනක්ෂි ප්‍රියසාද් සමග කියන්න කොයි කවුරුත් දන්නවා. ඉතින් දෙවැනි වර ඔහු විවාහ වුණත් මේ විවාහ ජීවිතයේ දී ඉතාමත් හොදින් සාර්ථකව ජීවිතය ජයගන්න සාරංගට හැකියාව ලැබිලා තියෙනවා. අද වෙද්දී ඔහු ආදරණීය දියණියක ගේ තාත්තා කෙනෙක් වෙන්නත් වරම් ලැබුවා.

සාරංග  ගැන කතා කතාකරද්දී අපිට කතා නොකරම බැහැ ඔහුගේ කලින් විවාහ ජීවිතය. මොකද අපි මේ කියන්න යන කරුණත් එක්ක කලින් විවාහ ජීවිතයේ ආදරණීය සහකාරිය වෙච්චි උමාලිත් සම්බන්ධයි.ඔවුන් දෙදෙනා වෙන් උනාට පස්සේ උමාලිට ආදරේ කරපු අය සරංගට බනින්න පටන් ගත්තා. ඒ වගේම සාරංගට ආදරේ කරපු අය උමාලිට බනින්න පටන් ගත්තා.

ඔය දේවල් ඔය විදිහට සිද්ධ වෙද්දී තවමත් ගොඩක් දෙනෙක් සාරංග සහ උමාලි වෙන් වුණු එකට දුකෙන් ඉන්නවා. ඒ ඔවුන්ට ගොඩක් දෙනෙක් කලින් ආදරේ කරපු නිසයි. කෙසේ නමුත් අද වන විට සාරංග අලුත් ජීවිතයක් ගත කරන නිසා පරණ ජීවිත වල එල්ලිලා ඉන්න හැමෝටම ඔහු හරි අපූරු අවවාදයක් දුන්නා. මේ වගේ අදහසක් ඔහු ප්‍රකාශ කළේ එක්තරා යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට සහභාගි වෙමින්.

“සමහර අය මගේ ඉස්සර ජීවිතේ තාමත් එල්ලිලා ඉන්නවා. දැන් මමත් අයින් වෙලා උමාලිත් අයින් වෙලා.  ඊයේ පෙරේදා මම උමාලිගේ අත්තම්මා නැතිවෙලා මායි දිනක්ෂි යි දෙන්නම ඒ ෆියුනරල් එකට ගියා. ඒ ෆැමිලි එකේ කට්ටියට කතා කරලා උමාලිත් එක්ක කතා  කරලා ආවා. ඉතිං අපිට දැන් ප්‍රශ්නයක් නැහැ.”
ඉතින් ඔහු ඒ විදිහට අදහස් දක්වන අතර සඳහන් කළේ තාමත් මේ වෙන්වීම දරාගන්න බැරි පුද්ගලයන් තමයි මේ විදියට දෝෂාරෝපණය එල්ල කරන්නේ කියන දේ. ඒ නිසා තව කෙනෙක්ගෙ පරණ ජීවිතවල එල්ලිලා ඉන්නෙ නැතුව අලුතෙන් ජීවිතය දිහා බලන්න කියලත් සාරංග අවසන් වශයෙන් ප්‍රකාශ කළා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *