BREAKING NEWS
Search

ඔබේ කාර්යබහුල බව අමතක කර සතුටින් සිටීමට මේවා කරලා බලන්න

149

කාර්යබහුල ඔබට සතුටින් සිටීමට නොහැකිද? නැත, ඔබටත් සතුටින් සිටීමට පුළුවන්. එයට ඔබේ ආකල්ප සහ පැවතුම් වල සුළු වෙනස්කමක් ප්‍රමාණවත්. මොකද සතුට කියන්නේ අපටම ලබා ගන්න පුළුවන් දෙයක්. ඒ වුනාට අපි කවුරුහරි සතුට ලඟට ගෙනත් දෙනකන් බලන් ඉන්නවා. ඒත් අද ඉදලා අපි තනියම සතුට හොයා ගමු.

1. ඔබේ කාලය කළමණාකරණය කරගෙන කළ යුතු සියළු වැඩ ඉවර කරන්න.

2. රැකියා ජීවිතයේ ප්‍රශ්න, ගැටළු නිවසට ගෙන ඒමෙන් වළකින්න. ඒවගේම නිවසෙහි ගැටළු රැකියා ස්ථානයට ගෙන යාමෙන් වළකින්න.

3. ධනාත්මක සිතුවිලි කියන්නේ අපි කාටත් බොහොම වැදගත් දෙයක්. අපි සතුටින් ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ අපේ සිතුවිලි. ඒ නිසා කාර්යබහුල සෑම වෙලාවකම ධනාත්මක සිතුවිලි වර්ධනය කරගන්න.

4. වැඩ ගොඩ ගහගන්නවා කියන එක තරම් මානසික වදයක් කිසිම තැනක නැහැ. ඒ නිසා එදිනෙදා කටයුතු නිසි පරිදි කල් නොයවා සම්පූර්ණ කරගන්න.

5. මියුරු සංගීතයකට සවන් දෙන්න. ඔබේ විඩාව ඔබටත් නොදැනිම අතුරුදහන් වේවි. සංගීතය කියන්නේ අපිව අපූරු ලෝකයකට ගෙනියන්න පුළුවන් අපූරු ඛෙහෙතක්. ඉතින් ඔබේ කාර්යබහුල ජීවිතයට සමුදෙන්න ඒ ඛෙහෙත පාවිච්චි කරමු.

6. ඔබ විවාහකනම් දරුවන්ගේ සොඳුරු වදන් වලට ඉඩ දෙන්න. ඒ සිනහව, වදන් ඔබව අමුතුම මිනිසෙකු කරාවි.

07. ඔබේ දුක සතුට සමීප අයෙකු සමඟ හුවමාරු කර ගන්න. කාර්යබහුල ඔබේ ජීවිතයට එය මහත් අස්වැසිල්ලක් වේවි.

Source:.hadakari




Leave a Reply

Your email address will not be published. Required fields are marked *