කඩුවෙල සිට ජයවර්ධනපුර රෝහල වෙත 177 බස් රථයක ගමන් කරමින් සිටි වෛද්ය සිසුවිය ගැබිනි මව සහ දරුවා බේරාගනි…
177 කඩුවෙලින් ගමන් ආරම්බ කර රාජගිරියට ගොස් ජයවර්ධනපුර රෝහල බලා යමීන් සිටි වෛද්ය සිසුවිය වෛද්ය සිත්මි බසයේ සෙනග තෙරපෙමින් සිටි මොහොතක එහි හදිස්සි තිරිංග තද කිරීමකින් එහි ගමන් ගනිමින් සිටි ගැබිනි මවකගේ උදරය තෙරපි ඇත.
ඇය වේ.දනාවෙන් යුතුව හඩා වැටෙන්නට වූ මොහොතේ වහාම ක්රියාත්මක වූ වෛද්ය සිසුවියට ගැබිනි මව පරික්ෂාවට ලක් කිරීමේ දී ගැබිනි මව සතුව තිබු වෛද්ය ප්රතිකාර කාඩ්පතේ සදහන් පරිදි ඇගේ හෘද ස්පන්දනය වැඩි වී ඇති බැව් නීරීක්ෂණය වී ඇත.
ඒ වන විටත් ඇගෙ උදරය තෙරපීමකට ලක්ව තිබු නිසා බස්රථය වහාම කොස්වත්ත රෝහල අසල නවතාගෙන ගැබිනි මව කොස්වත්ත රෝහලෙන් ගිලන් රථයක නංවා කාසල් රෝහල වෙත ඇතුලත් කිරීමට සමත් වී ඇත.
ඇගේ තැනට සුදුසු නුවණත් ක්ෂණික ප්රතිචාර දැක්වීමත් නිසා ජීවිත දෙකක් අද බේරාගැනීමට සමත් විය. ඇයට කඩුවෙල ව්යාපාර සහ සේවා තොරතුරු සමූහයේ හද පිරි ස්තුතිය
ජීවිත දෙකක් බේරාගැනීමට උදව්කල ඔබට බොහොම පිං..
උපුටාගැනීමකි



















