BREAKING NEWS
Search

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට ගෞරව නාමයක්

158

රට, ආගම හා ජාතික සුරක්ෂිතතාව වෙනුවෙන් කරන ලද සේවය ඇගයීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාට මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර ගෞරව නාමය පුද කිරීම අද (28) දින පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සිදු කෙරුණා.

ශවේන්ද්‍ර සිල්වා මහතා දශක කිහිපයක් තිස්සේ රට, ජාතිය, ආගම හා සමාජයීය කරන ලද සේවය ඇගයීම සඳහා මෙම ගෞරව නාමය පුද කිරීමට අස්ගිරි මහා විහාරීය විංශද්වර්ගික කාරක සංඝ සභාව තීරණය කොට තිබුණා.

ඒ අනුව අස්ගිරි මහා විහාරීය මංගල උපෝෂථාගාරයට රැස්වූ කාරක සංඝසභාව වෙනුවෙන් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ  විසින් මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර යන ගෞරව නාම සහිත සන්නස් පත්‍රය ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාට පිළිගන්වනු ලැබුවා.

මෙම අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි සහ පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි ඇතුලු කරක සංඝසභාවද මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි ඇතුලු කරක සංඝසභා මහා සංඝරත්නයද දියවඩන නිලමේ ඇතුළු නිලමේවරු ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරු, පොලිස්පති, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුලු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගීව සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

මහනුවර – කමල් සුරවීර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *