BREAKING NEWS
Search

Taare Zameen Par හි ඉෂාන් අවස්ති නැවතත් රංගනයට

320

දර්ෂීල් සෆාරි නම කියූ සැණින් කවුරු දැයි යන්න එකවරම සිතා ගත නොහැකි වනු ඇත. නමුත් 2007 වසරේදී Taare Zameen Par චිත්‍රපටයේ ඉෂාන් අවස්ති නම් චරිතයට පණ පෙවූ දරුවා නම් කිසිදිනෙක ඔබට අමතක විය නොහැකිය. අමීර් ඛාන් සමඟ ප්‍රේක්ෂක හදවත් දිනා ගනිමින් ඔහු කළ එම රංගනය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වූ අතර හොඳම නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය හිමි විය.

එම රංගනයෙන් පසු දර්ෂීල් දැක ගැනීමට ලැබුණේ චිත්‍රපට කිහිපයකින් පමණි. Bumm Bumm Bole (2010) Zokkomon (2011) iy Midnight’s Children (2012) එම චිත්‍රපට වේ.

Taare Zameen Par චිත්‍රපටයෙන් පසු එක රැයකින් ජනපි‍‍්‍රයත්වයට පත් වූ මේ වන විට දර්ෂීල් 25 හැවිරිදි තරුණයෙකි. නැවතත් ඔහු සිනමාවට පිවිසීමට සූදානමින් සිටී. මේ වන විට ඔහුගේ රංගනයෙන් හැඩ වූ නිර්මාණ දෙකක් පෙළ ගස්වා ඇත. එයින් එකක් අපරාධ කතාවක් ගෙන එන ටෙලි නාට්‍යයක් වන අතර අනෙක මානසික සෞඛ්‍ය ගැටලූ‍ ඇති මිනිසකුගේ චරිතය නිරූපණය කරන Mukt නම් චිත්‍රපටයකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *