වසර 1999දී තමන්ගෙන් ටිකට් පත් 2ක් සඳහා රැපියල් 20ක් වැඩිපුර අය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය සේවයට එරෙහිව නඩු පැවරූ නීතීඥයකු, වසර 22 කට පසු සිය නඩුව ජය ගත්තේය. උත්තර් ප්‍රදේශ්හි මථුරා ප්‍රදේශයේ තුංගනාත් චතුර්වේදි පාරිභෝගික උසාවියේ මේ නඩුව පවරා තිබුණි. අවසානයේ, වසර 22 කට පසු ඔහුට එම රුපියල් 20 පොලිය සමඟ ආපසු ගෙවිය යුතු බවට උසාවිය තීන්දු කළේය.
“මුදල් නෙවෙයි වැදගත්. මේක යුක්තිය වෙනුවෙන් කළ සටනක් සහ එරෙහි සටනක්, ඒ නිසා එය වටිනවා,” ”ඒ වගේම, මම නීතිඥයෙක් නිසා, මට නීතිඥයෙකුට මුදල් ගෙවීමට හෝ උසාවියට යාමේ වියදම දැරීමට සිදු වුණේ නෑ. වෙන අයෙකුට එය තරමක් මිල අධික විය හැකියි.” යනුවෙන් නඩුව දිනූ චතුර්වේදි කියා ඇත.
1999 සිට 2022 දක්වා වසරකට සියයට 12ක පොලියක් යටතේ රුපියල් 20 ඔහුට ආපසු ගෙවන ලෙස අධිකරණය දුම්රිය සේවයට දන්වා සිටියේය. දින 30ක් ඇතුළත එය ඔහුට නොගෙවන්නේ නම්, එම පොලී අනුපාතය සියයට 15 දක්වා ඉහළ දමනු ඇතැයි අධිකරණය නියෝග කළේය. ඒ අනුව දිගු කාලයකට පසුව සිය රුපියල් 20 වෙනුවෙන් රුපියල් 15,000ක් ඔහුට ලැබුණි.
deshaya.lk


















