BREAKING NEWS
Search

දරුවන්ගේ බඩගින්නට හාල් කිලෝ 03ක් සොරාගත් පියාට පොලිස් නිලධාරියා කල පුදුම වැඩේ

219

දින 04ක් පුරා කුසගින්නේ සිටි තම දරුවන්ට ලබාදීම සඳහා සහල් කිලෝ 03ක් සහ කුඩා ප්‍රමාණයේ ධාන්‍යමය ආහාර පැකට්ටුවක් ගත් පියෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි මෙම දෙදරු පියා බොරැල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකින් මෙම භාණ්ඩ ගෙන තිබුණේ.

වෙළඳසැලේ ආරක්ෂකයින් කරනු ලැබූ දැනුම් දීමකට අනුවයි පොලීසිය මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

කෙසේ වෙතත්, බොරැල්ල පොලිසියට රැගෙන ආ මෙම පියා සත්‍ය කරුණු ප්‍රකාශ කිරීමත් සමඟ එම සොරාගත් භාණ්ඩවල වටිනාකම පොලිස් නිලධාරියෙකු පියවා ඇති බවට යි වාර්තා වන්නේ.

පසුව ඔහුට උපදෙස් ලබා දී මුදා හැරීමටද කටයුතු කර තිබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *