BREAKING NEWS
Search

තමන්ගේ පුසා පෙනුන නිසා ලක්ෂ 21 ක් හොයාගත් ගුරුවරිය

682

චීනයේ ගු අන් ෂූ හි චිත්‍ර ගුරුවරියක විසින් මෙහෙයවන ලද මාර්ගගත පන්තියකදී තිරයේ තමන්ගේ පුසා පෙනී සිටීම හේතුවෙන් බලධාරීන් විසින් ඇය සේවයෙන් පහකර තිබුණි. ඒ පසුගිය වසරේ ජුනි මාසයේදීය. මේ සම්බන්ධයෙන් ඇය ගොනුකළ නඩුවේ තීන්දුව පසුගියදා ලැබුණු අතර නඩුවෙන් ජයග්‍රහණය කළ ඇයට යුවාන් 40000ක් (රු. 2119255) මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙසට අධිකරණය විසින් නියෝග කළේය.

ඇය මෙසේ මාර්ගගත පන්ති මෙහෙයවා තිබුණේ පසුගිය කොවිඩ් කාල සීමාවේදීය. පන්තිය අතරතුරදී ගුරුවරිය වූ ලූඕ ගේ සුරතල් බළලා පස් වතාවක් කැමරාවට පැන තිබුණි. මෙය දුටු ලූ ඕ සේවය කරන අධ්‍යාපන තාක්ෂණ සමාගම එම සිද්ධිය මුල් කරගෙන ලූ ඕ සේවයෙන් පහකළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් චීන පුවත්පත් වාර්තා කර තිබුණේ ලූ ඕ රාජකාරිය අතරතුර අනවශ්‍ය ක්‍රියාවල නියුතුවූ බව ඇය සේවය කරන ආයතනය පවසන බවයි.

ආයතනය සමග මෙය බේරුමක් කරගැනීමට ලූ ඕ උත්සාහ කළත් පලක් නොවූ තැන නඩු මගට බැස්සාය. ඇයට නඩුවෙන් ජයගෙන වන්දි මුදලක් සමග රැකියාවද ලබාගැනීමට දැන් හැකිවී තිබේ.

Source:mediaonlive




Leave a Reply

Your email address will not be published. Required fields are marked *