BREAKING NEWS
Search

ජැක්සන්ගේ රියේ හැපුණු අලියා තවම හොයාගන්න බැරි වෙලා. අලියෙකුගේ සලකුණක්වත් නෑ-වනජීවී නිලධාරීන්ට බරපතළ ගැටලුවක්

726
අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී ප්‍රවීණ රංගනවේදී ජැක්සන් ඇන්තනී අනතුරට ලක්වූයේ අලියෙකු මෝටර් රථයේ ගැටීමෙන් යැයි කීවත් වනජීවී කාර්යාල තුනක නිලධාරීන් එක්ව කළ විශේෂ මෙහෙයුමකින් පසුවත් එවැනි අලියෙකු ගැන තොරතුරු සොයාගැනීමට නොහැකි වී යැයි අනුරාධපුර වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරි රත්නසිරි පෙරේරා මාධ්‍යයට පවසයි.
එම අනතුරෙන් තුවාල ලැබුවා යැයි කියන අලියෙකු ගැන සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ පුවත මුළුමනින්ම අසත්‍යයක් යැයි කී හෙතෙම එවැනි තුවාල ලැබූ අලියකු වී නම් එම සත්වයා ගමන්ගත් මාර්ගයක ලේ සලකුණක් හෝ තිබිය යුතු යැයි අවධාරණය කළා.

එහෙත් එවැනි කිසිදු සලකුණක් වනජීවී නිලධාරීන්ට හමු නොවී යැයි ද මෙම සිදුවීම අත්දැකීම් සහිත වනජීවී නිලධාරීන්ට පවා බරපතළ ගැටලුවක් යැයි ද ඒ මහතා කීවා.

අලියා ගමන්ගත් මාර්ගයත් ගමන්ගෙන තිබෙන්නේ අපහසුතාවකින් ද යන්නත් එවැනි අලියකුට පෑගෙන තණකොළවලින් කිව හැකි නමුත් එවැනි සලකුණක් පවා හමු නොවී යැයි ද පෙරේරා මහතා පවසයි.

අනතුරින් පසුව එම අලියා රංචුව හැර ගියත් තනිව වැඩි කලක් සිටින්නේ නැතැයි කී හෙතෙම අනතුරෙන් පසුව මාසයකට අධික කාලයක් ගත වී ඇති බැවින් එසේ නම් නැවත රංචුවට එකතු වී සිටිය යුතු යැයි ද පවසයි. එහෙත් වනජීවී නිලධාරීන් නිරීක්ෂණයට ලක් කළ අලි රංචුවල අනතුරකට ලක් වූ එවැනි අලියකු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොවී යැයි ද පෙරේරා මහතා සඳහන් කළා.

ජැක්සන් ඇන්තනී මහතා ගමන්ගත් රථයේ අලියෙකු ගැටුණු බවට ඇත්තේ ඇසින් දුටු සාක්ෂි දෙකක් යැයි ද එවැනි අලියෙකු සිටී දැයි සෙවීමට තවදුරට ත් අඛණ්ඩව මෙහෙයුම් කරන්නේ යැයි ද පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

මව්බිම




Leave a Reply

Your email address will not be published. Required fields are marked *