ටික් ටෝක් හරහා ජනප්‍රිය වෙලා ඊට පස්සේ යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කරමින් බොහෝ ප්‍රේක්ෂක ආදරයක් මෙන්ම ආකර්ශනයක් දිනා ගත් සුරූපී සුන්දර තරුණියක් තමයි ලෝචනා හංසමාලී ජයකොඩි කියලා කියන්නේ. කොහොම නමුත් ඇයව බොහෝ දෙනෙක් දන්නේ ලෝචි කියලා කිවුවාමයි. ඉතින් ඒ වගේම ඇය පහුගිය කාලයේ සියත නාලිකාවේ විකාශනය වුනු රේස් ටෙලිනාට්‍ය හරහා රංගන ශිල්පිනියක් විදිහටත් ප්‍රේක්ෂකයින් හමුවට ආවා. කොහොම නමුත් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇය ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ පිළියන්දල අංක එක කනිෂ්ඨ විද්‍යාලයෙන් කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය සාමාන්‍ය පෙළ කරන්න කැස්බෑව ආටිගල බාලිකා විද්‍යාලයට ගියාලු. ඊට පස්සේ උසස් පෙළ කරන්න ගල්කිස්ස බෞද්ධ බාලිකාවට ඇතුළත් වුණා කියලත් ඇය කියනවා. හැබැයි ඒ වෙද්දී ඇයගේ අම්මා සුව කරන්න බැරි රෝගයකින් පෙළුණාලු. ඉතින් ඊට පස්සේ අම්මා නැති වුණු නිසා ඇයට උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බැරි වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම එතැනින් ඇයට අධ්‍යාපනය නතර වුණාලු. ඊට පස්සේ ඇය නංගිලා දෙන්නා බලාගෙන ගෙදර හිටියා කියලත් ඇය කියනවා.
ඉතින් ඒ වගේම අම්මා නැති වුනාට පස්සේ ඇය තමයිලු නංගිලා දෙන්නව බලාගත්තේ. ඒ වගේම ඇය මේ මුල් වතාවට තමයිලු තාත්තා ගැන කියන්නේ. අම්මා නැති වුණාට පස්සේ ඇයගේ ළමා කාලය හරි අමිහිරියි කියලයි ඇය කියන්නේ. ඇයගේ තාත්තා කුඩම්මෙක් ගෙනාවාලු. හැබැයි එයා හොඳ අම්මා කෙනෙක් වුණේ නැහැලු. ඉතින් ඒ නිසා ඇයට තාත්තා ගැනත් ඇති වුණේ කලකිරිමක් කියලත් ඇය කියනවා. ඉතින් මේ වෙද්දී ඇයත් එක්ක චුටි නංගි ඉන්නවාලු. ලොකු නංගි දැන් විවාහකයි කියලයි ඇය කියන්නේ.
ඉතින් අම්මා නැති වුනාට පස්සේ ඇයත් ආදරේ හෙව්වාලු. ඒ නිසා අවුරුදු හයක් පිරිමි ළමයෙකුට පෙම්වතියක් වෙලා ඔහු සමඟ විවාහ ගිවිසාගෙන එක වහලක් යටට ගියාලු පවුල් ජීවිතයක් ගත කරන්න. හැබැයි ආදරේත් ඇයට ගෙනාවේ අසුන්දර අත්දැකීම් කියලයි ඇය කියන්නේ. ඉතින් ඔහුට ඇය ඉන්නකොට වෙන සම්බන්ධතා තිබ්බාලු. ඉතින් සමහර ඒවා අතට අහු වුණා කියලත් ඇය කියනවා. හැබැයි ඇය ඒවාට සමාව දුන්නාලු. නමුත් ඔහු හැදුණේ නැහැලු ඉතින්. ඩිවෝස් එකට කලිනුත් කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තිබ්බා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය අවසානයේ ඔහුගෙන් දික්කසාද වුණාලු.
ඉතින් දැන් ඇය නැවතත් පෙම්වතියක් කියලයි ඇය කියන්නේ. දිනුක ජෝන් තමයිලු ඇයගේ පෙම්වතා. ජෝන් ඇයත් එක්ක විඩියෝවල හිටිය කෙනෙක් කියලත් ඇය කියනවා. ඉතින් ඔවුන් යාළුවෝ වගේලු හිටියේ. හැබැයි ඒ කාලේ ඔවුන් අතර ආදරයක් ගැන අදහසක් තිබුණෙත් නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ කාලේ ජෝන් ගැන ලොකු විශ්වාසයක් ඇති වුණෙ ගති ගුණ හොඳ, හොද කොලිටීස් තිබ්බ කෙනෙක් නිසාලු. ඉතින් ඔහොම ඉන්නකොට එයා එක පාරටම ඇයට ආදරේ ප්‍රකාශ කළා කියලයි ඇය කියන්නේ.
ඉතින් ඇය ගැන සියල්ල දන්න ඇය ළඟින් හිටපු කෙනෙක් නිසා ඇය හිතුවා ඔහු තමයි ඇයට ගැළපෙන කෙනා කියලා. ඉතින් ඇයත් ඒ ආදරේ පිළිගත්තා කියලයි ඇය කියන්නේ. ඉතින් ඔවුන් දැන් ආදරේ කරන්න පටන් අරගෙන අවුරුදු දෙකක් වෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ලබන අවුරුද්ද අවසානයේ ඔවුන් විවාහ වෙන්නලු ඉන්නේ. ඒ වගේම ඔහුගේ අම්මව මතක් කරන්න ඕන කියලත් ඇය කියනවා. ඇයට ලැබුණු හොඳම නැන්දම්මා එයාලු. ඉතින් ඇයගේ අම්මට පස්සේ ඇය එයාට තමයිලු වැඩිපුරම ආදරේ කෙනා. ඉතින් දැන් ඇයට තනිකමක් දැනෙන්නේ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.




















