BREAKING NEWS
Search

නොසිතූ මොහොතක අනතුරකට ලක්වූ, දිනේෂ් මුතුගල සර්-රෝහලෙන් තහවුරු කළ ඔහුගේ දැන් තත්ත්වය

594
රටම දන්න ටියුෂන් ගුරුවරු අතර දිනේෂ් මුතුගල කියන නාමය කාටත් හුරුපුරුදු නාමයක්.
ඒ ඔහු ටියුෂන් ගුරුවරයෙකු සේම සමාජ මාධ්‍යය තුළත් වඩාත් ජනප්‍රිය චරිතයක් වන නිසාවෙනි.
කෙසේ නමුත් ඔහු සම්බන්ධව අද උදෑසන අසන්නට ලැබුණේ තරමක් කණගාටුදායක පුවතක්.
ඒ ඔහු හදිසි අනතුරකට මුහුණ දී ඇති බවයි.
ඒ අනුව වාර්තා වන පරිදි අද අළුයම ඇතුගල්පුර අධිවේගයේදී සිදුවූ අනතුරකින් ඔහු තුවාල ලබා තිබෙනවා. එලෙස තුවාල ලැබූ ඔහු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වූයේ.
හිරු අප කරන ලද විමසීමකදී කුරුණෑගල රෝහලෙන් තහවුරු කර සිටියේ ඔහු හදිසි අනතුරකට මුහුණ දී රෝහල්ගත කළ බවත් මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවෙන බවයි. එමෙන්ම ඔහුගේ තත්වය සාමාන්‍යය බවයි පවසා සිටියේ.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන මුතුගල සර්, අපිත් ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු….
Source: Hirugossip
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *