BREAKING NEWS
Search

Hyundai සමාගමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවට

318
ලොව පුරා කීර්තියට පත් කොරියානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන හ්‍යුන්දායි (Hyundai) මෝටර් සමාගම, ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමාගම සමග මෙරටදී හ්‍යුන්දායි මෝටර් රථ සහ අනෙකුත් උපාංග එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ අනුව ලොව හයවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන හ්‍යුන්දායි (Hyundai) සමාගමේ මෝටර් රථ මෙරටදී එකලස් කිරීමට අබාන්ස් ඔටෝ සමාගමට බලය පැවරෙනු ඇති.

මේ වන විටත් හ්‍යුන්දායි (Hyundai) සමාගම එක්සත් ජනපදය, චෙක් ජනරජය සහ ඉන්දියාව ඇතුළු රටවල් අටක මෝටර් රථ එකලස් කිරීමේ කම්හල් පිහිටුවා තිබෙනවා.

ඒ අනුව මෝටර් රථ නිශ්පාදනයේ පුළුල් අත්දැකීම් ඇති හ්‍යුන්දායි (Hyundai) සමාගමේ 9 වැනි රථ වාහන නිෂ්පාදන සහ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මෙරට දී ස්ථාපිත කෙරෙනු ඇති.

හ්‍යුන්දායි (Hyundai) සමාගම සහ ශ්‍රී ලංකාවේ හ්‍යුන්දායි (Hyundai) රථ වාහන බලයලත් බෙදාහරින්නා වන Abans Auto අතර 2020 දී ආරම්භ කරන ලද දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම ගිවිසුම අත්සන් තැබූනේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *