වටිනාකම ඇසු පසු සොරා ද තුෂ්නිම්භූත වූ ඇමති දියණියගේ ලක්ෂ 25ක මගුල් මුද්ද

256
යාල වනෝද්‍යානයේ චාරිකාවකට එක්ව සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ දියණියගේ නැතිවූ මගුල් මුද්ද සොයා කිරින්ද පොලිසිය සිදුකළ දැවැන්ත මෙහෙයුමක් පිළිබඳ තොරතුරක් වාර්තා වනවා.

ඇමති දියණිය දිය නාන අවස්ථාවේ මඟුල් මුද්ද ගලවා නාන කාමරයේ උස් බිත්තියක් මත තබා ඇති අතර එය නැවත පැළඳ ගැනීමට ඇයට අමතකව තිබෙනවා.ඇයට මගුල් මුද්ද සිහිව ඇත්තෙ ටික වේලාවකට පසුව යි.

එහෙත් සොයා බලන විට නානකාමරයේ මගුල් මුද්ද තිබී නැහැ.

අනතුරුව සිද්ධිය කිරින්ද පොලිසියට වාර්තා කිරීමට කටයුතු කරන ලද අතර සුළු වෙලාවකින් නිළධාරීන් කිහිපදෙනෙකු හෝටලයට පැමිණ පැමිණිල්ල සටහන් කරගෙන තිබෙනවා.

හෝටල් කළමණාකාරීත්වය සහ කාමරය භාර තරුණයා මුද්ද නොගත් බව ප්‍රකාශ කළ අතර එදින හෝටලයේ වෙනත් අමුත්තන් නවාතැන් ගෙනද නැහැ.

අවසානයේ සොයා බැලීමේදී වාර්තාවූයේ හෝටලයේ නඩත්තු කටයුත්තක නිරත වෙමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙක් සිටි බවත් ඔවුන් සිය නිවෙස් කරා යාමට සූදානම් වන බවයි.අවසානයේදී ඔවුන් කැඳවා ප්‍රශ්ණ කිරීමෙදී එක් පෙදරේරුවෙක් පවසා ඇත්තේ දිළිසෙන යමක් බිත්තිය උඩ තිබෙනු දැක තමා එය අරගත් බවයි.

නැවත මගුල් මුද්ද ඇමති දියණියට ලබුණ අතර එහි වටිනාකම ලක්ෂ විසිපහක් බව ඇසූ සොරා ද තුෂ්නිම්භූත වූ බව වාර්තා වනවා.

Source:Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *