තැපැල් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ සංශෝධිත තැපැල් ගාස්තු හෙට සිට ක්‍රියාත්මක කිරිමට නියමිතයි.
ඒ අනුව ව්‍යාපාරික ලිපියක් සඳහා මෙතෙක් පැවති රුපියල් 15ක ගාස්තුව රුපියල් 50 ක් ලෙස සංශෝධනය කර ඇති අතර, පුණ්‍යායතන, ස්වේච්ඡා සංවිධාන සඳහා සහන ගාස්තු මත ලිපි තැපැල් කිරීමට ලබාදෙන සහනය යටතේ ග්‍රෑම් විස්සක් දක්වා වූ ලිපියක තැපැල් ගාස්තුව සංශෝධනය කර ඇත්තේ රුපියල් 12 සිට රුපියල් 30 ක් දක්වායි.
ලියාපදිංචි තැපැල් ගාස්තුවද රුපියල් තිහේ සිට 60 දක්වා ඉහළ නංවා තිබෙනවා. කුඩා මුද්දර කවරයක් රුපියල් දහ අටේ සිට හැට දක්වාත්, විශාල ප්‍රමාණයේ මුද්දර කවරයක් රුපියල් විස්සේ සිට 70 ක් දක්වාත් මිල සංශෝධනය කර තිබෙනවා.
මෙතෙක් රුපියල් 10 ක්ව පැවති තැපැල් පතක මිල රුපියල් විස්සක් වන අතර, එක්දින තැපැල් හැඳුනුම්පත් සේවා ගාස්තුව රුපියල් 100 සිට 200 දක්වා ඉහළ නංවා තිබෙනවා.
කෙසේ වෙතත් දැනට රුපියල් 50 ක්ව පවතින සාමාන්‍ය තැපැල් හැඳුනුම්පත් සංඛ්‍යාව සංශෝධනය කර නොමැති අතර, දෛනික ගුදම් ගාස්තු, ලියාපදිංචි ලිපි භාරදීමේ කුවිතාන්සියක සහතික කළ පිටපතක් ලබාගැනීමේ ගාස්තු, රථවාහන දඩ සේවා ගාස්තු, ඇතුලු තවත් තැපැල් ගාස්තු වර්ග කිහිපයක් සංශෝධනය කර නොමැති බව ද තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
Source:Hirunews




















