විවාහ ලියාපදිංචි අවස්ථාවේ සිද්ධ වුණු පුංචිම පුංචි සිද්ධියක්. (ඒක තප්පර ගාණක වීඩියෝ එකක්)
හැබැයි මුලු ලංකාවම හිනස්සන්න මේ කපල් එකට පුළුවන්කම ලැබෙනවා.මේ වෙද්දි බුකියේ හුවමාරු වෙන ‘තෙරුවන් සරණයි’ කියන පෝස්ට්වල සම්පූර්ණ අයිතිකාරයෝ එයාලා.
කොහොම වුණත්, ඔන්න මේ සිද්ධියට මැදිවුණු තරුණිය ඇගේ ෆේස්බුක් ගිණුමට සටහනක් එකතු කරලා තිබුණා.
ඇය කිව්වේ ‘ඕන තරම් විහිලු දන්න නිසා ඕන දෙයක් අවුලක් නෑ’ කියලයි.
මේ තියෙන්නෙ ඇය ෆේස්බුක් එකේ ලියපු සටහන…
“මේ විඩියෝ එකේ ඉන්නේ මායි මගේ හස්බන්ඩ්ගෙයි එන්ගේජ්මන්ට් එක දවසේ උන පොඩි සිද්ධියක්, ඇත්තම කිව්වොත් ඒක පොඩිමත් නෑ එතන උන කිසිම දේකට මගෙයි මගේ හස්බන්ඩ්ගෙයි ඇරෙන්න රෙජිස්ට්‍රාර් මිස්ගේ කිසිම වැරැද්දක් නෑ. එයා අපිට කිව්වේ ආගම සිහි කරගෙන අත්සන් කරන්න කියලා, අපි දෙන්නා පොඩ්ඩක් කන්ෆියුස් උනා එච්චරයි අපි දෙන්නා ඕන තරං විහිලු දන්නවා කියන එකක් අපි දෙන්නට කියන්න”
<

















