BREAKING NEWS
Search

ආර්ථික දුෂ්කරතා පවතින දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් ලබා දීමේ වැඩපිළිවෙලක්

4918

ආර්ථික දුෂ්කරතාවන් පවතින පවුල්වල දරුවන් සඳහා වාර්ෂිකව අභ්‍යාස පොත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පියවර ගනිමින් සිටින බව වාර්තා වනවා.

අභ්‍යාස පොත් සඳහා අධික මිලක් දෙමාපියන්ට දැරීමට සිදු වීම හේතු කරගෙනයි ඔහු විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම වැඩසටහන රජයේ මුද්‍රණාලය හරහා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

වෙළෙඳපොලේ අභ්‍යාස පොත් හිඟ අවස්ථාවන්වල දී, මෙම පොත් රජයේ මුද්‍රණාලය මගින් වෙළෙඳපොලට ලබා දීම ද මෙම වැඩසටහනේ එක් අරමුණක් වී තිබෙනවා.

එ අනුව පෙළ පොත් මුද්‍රණය කිරීමට ඉන්දියාවෙන් තීන්ත හා කොළ ගෙන්වීමට ද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එසේ ම ප්‍රාථමික ශ්‍රේණි සඳහා දිවා ආහාර වේලක් ලබාදීම කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *