ඩීසල් මිල යළිත් වරක් පහත දැමුව ද ඊට සාපේක්ෂ ව බස් ගාස්තුව යළි පහළ දැමීම ප්‍රායෝගික ව කළ නො හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ, ඉදිරියේ දී යළිත් ඩීසල් මිල අඩු වුව හොත් බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු බව යි.
ඉන්ධන මිල සූත්‍රය අනුව ඔටෝ ඩීසල් මිල රුපියල් 10කින් පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ රාත්‍රියේ සිට කටයුතු කළා.
ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 430ක්.
මීට පෙර ද ඩීසල් ලීටරයන මිල රුපියල් 20කින් අඩු වූ අවස්ථාවේ දී බස් ගාස්තුව සියයට 2යි දශම 2යි 3කින් අඩු කරනු ලැබුවා.
මේ අතර, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම්වරයා සිදු කළ දැනුම් දීමකට අනුව තමන් සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බවයි ඔහු සඳහන් කළේ.
Source:Hirunews

















