1997 වසරේ උපන් ජාන්වී කපූර්ගේ වයස අවුරුදු 25ක් වනවා. ශ්‍රී දේවිගේ රූ සපුව නොඅඩුව හිමි නිසා බොලිවුඩ් සිනමාවේ දොරටු මවගේ වියෝවෙන් පසුව විවර වුණා. 2018 වසරේ තිරගත වූ කරන් ජොහර්ගේ ‘දඩක්’ චිත්‍රපටය හරහා ජාන්වී බොලිවුඩ් සිනමාවට පැමිණියා. ඉන් අනතුරුව ගෝස්ට් ස්ටෝරීස්, ගුන්ජන් සක්සේනා, රූහි යන චිත්‍රපටිවලට ඇය රංගනයෙන් දායක වී ඇති අතර ගුඩ්ලක් ජෙරී, මිහී, මිස්ටර් ඇන්ඩ් මිසිස් මාහී, බවාල් යන ඇය රංගනයෙන් දායක වුණු චිත්‍රපට තිරගත වීමට නියමිතය.
ජාන්වී කපූර්ගේ අලංකාර විලාසිතා නිරන්තරයෙන් කාගේත් අවදානයට ලක් වෙනවා. ජාන්වී පසුගියදා තමන්ගේ ෆේස්බුක් ගිනුමේ ඡායාරූප කීපයක් පළ කරලා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප…



















