උඩරට දුම්රියට වර්ෂාවෙන් බාධා

2338

මධ්‍යම පළාතට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කඳු කඩා වැටීම සහ ගල් පෙරළිමෙන් දුම්රිය මාර්ගය අවහිරවීමෙන් අද (1)  කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට නියමිතව රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්වය හේතුවෙන් අද (1) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කර දුම්රියන් මේ වන විට නාවලපිටිය හා හැටන් දුම්රිය ස්ථාන වල නවතා ඇති බවත් දුම්රිය මාර්ගයට සහ බස් මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය තුළ සිටින මගී ජනතාව වෙනත් දුම්රිය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීම ද ගැටලුකාරී වී ඇති බවත් වාර්තා වේ.

දුම්රිය මාර්ගයට ප්‍රදේශ කීපයකදී පස් කඳු කඩා වැටීම්, ගස් කඩා වැටීම් සහ විශාල ගල් පෙරලීමෙන් දුම්රිය මාර්ගය අවහිරවී ඇති බවත් කොටගල දුම්රිය ස්ථානය සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතර, රෝසැල්ල දුම්රිය ස්ථානය සහ වටවල දුම්රිය ස්ථානය අතර, වටවල දුම්රිය ස්ථානය සහ ගලබඩ දුම්රිය ස්ථානය අතර, ගලබඩ දුම්රිය ස්ථානය සහ ඉඟුරුඔය දුම්රිය ස්ථානය අතර, නානුඔය දුම්රිය ස්ථානය සහ ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය අවහිර වී තිබේ.

Source:Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *